ARTICLES

යටිතල පහසුකම් නැතිව අර්ධ ස්ථිර නිවස්වල නැවැත පදිංචිව සිටින වරුත්තලයි විලාන් ජනතාව

12920448_862836973861746_173157128499104742_nවලිගාමම් උතුර වරුත්තලයි විලාන් ප්‍රදේශයේ ජනතාව පසුගිය 1986 වසරේ පැවැති හමුදා මෙහයුමකින් අනතුරුව තම ප්‍රදේශය අතහැර අවතැන්ව ගියහ. එම හමුදා මෙහයුම අවසන්වූ පසු එම ප්‍රදේශයේ ජනතාව නැවැත 1989 වසරේදී තම ඉඩම්වල නැවැත පදිංචියට පැමිණ මාස හයකින් පසු යළි දැවැන්ත හමුදා මෙහයුමක් දියත් කිරීමෙන් නැවැත එම ප්‍රදේශයෙන් අවතැන්ව යෑමට සිඳුවුණි.

මෙලෙස අවතැන්වී යෑම කෙටි කලකට යැයි සිතාගෙන එදා තම ප්‍රදේශයෙන් පිටත්වූ ජනතා වසර 25කට ආසන්න කාලයක් තම ඉඩම්වලට නැවැත යෑමට නොහැකිව අවතැන් කඳවුරුවල හා ඥාති මිතුරන්ගේ නිවස්වලද ජීවත්වුණි.

පසුගිය ජනවාරි මස රටේ සිදුවූ ආණ්ඩු වෙනසික් පසු පසුගිය අප්‍රේල් මස 11 වැනි දින තම ඉඩම්වලට යෑමට එම ප්‍රදේශයේ ජනතාවට අවසර ලබාදී තිබුණි. නැවැත පදිංචියට අවසර ලැබුණු එම ජනතාව තම ප්‍රදේශයට ගොස් බලන විට එහි ජනතාව ජීවත්වූ බවට කිසිදු සලකුණක් නැතිව සියළු දැය විනාශවී තිබුණි බොහෝ නිවාස මුළුමනින්ම හා තවත් නිවාස කිහිපයක් අර්ධ වශයෙන්ද විනාශවී තිබේ.

තවද වරුත්තලයි විලාන් J/241 ග්‍රාම සේවා වසමේ ජීවත්වූ ජනතාවට අයත් අක්කර 46ක ගොවිතැන් ඉඩම් සහ ජනාවාස ඉඩම් ඇතුලත් ජනතාවගේ නිවාස 60ක්ද අත්පත්කර හමුදාව විසින් දැවැන්ත කඳවුරක්ද ඉදිකර තිබුණි.

එම නිසා හමුදා කඳවුර පිහිටා තිබෙන ප්‍රදේශයේ පදිංචිව සිටි ජනතාවට වසර 25කට පසු ද තම ඉඩම්වල නැවැත පදිංචිවීමට නොහැකිව තවඳුරටත් කෝප්පායි ප්‍රාදේශයේ ලේකම් කොඨාශයට අයත් ප්‍රදේශයේ තිබෙන අවතැන් කඳවුරුවල ජීවත්වෙමින් සිටිති.

අපගේ ඉඩම් ද වහාම නිදහස් කර අපව අපගේ ඉඩම්වල නැවැත පදිංචිවීමට අවසර ලබාදිය යුතු යැයි වරුත්තලයි විලාන් සිට අවතැන්ව ගොස් කෝප්පායි ප්‍රදේශයේ අවතැන් කඳවුරක ජීවත්වන ජේසුදාස් පුෂ්පරානි හැඬු කඳුලෙන් යුතුව ඉල්ලා සිටියි.

ඇයගේ නිවස හා ඉඩම පිහිටා තිබෙන්නේ වරුත්තලයි විලාන් ප්‍රදේශයේ හමුදා කඳවුර ඉදිකර තිබෙන අක්කර 46ක ප්‍රදේශය තුලය. එමෙන් ඇයට නැවැත පදිංචිවීමට නොහැකිව තවඳුරටත් අවතැන් කඳවුරේදීම ජීවත්වීමට සිදුව තිබේ.

පසුගිය වසර 25කට ආසන්න කාලයක් අවතැන් ජනතාව යන නමින් දුක් කරදර රැසකට මුහුණ දෙමින් අවතැන් කඳවුරුවල ජීවත්වූ බවට පුෂ්පරානි පවසයි.

අපගේ ප්‍රදේශයේ ජීවත්වූ කාලයේ කිසිම අඩුවක් නැතිව හොඳින් ජීවත්වු නමුත් අවතැන්වී කඳවුරුවල පැමිණි පසු අපව අවතැන් ජනයා යැයි පවසන විට එය සිතට දැඩි වේදනාවක් ඇති කළේය. දුක් කරදර හා වේදනා මැද අපව තවදුරටත් අවතැන් කඳවුරුවල නොතබා අපව අපගේ ඉඩම්වල නැවැත පදිංචිවීමට වත්මන් රජය කඩිනමින් පියවර ගත යුතු යැයි ඇය හැඬු කඳුලෙන් යුතුව ඉල්ලා සිටියාය.

යටිතල පහසුකම් සපයා දෙන ලෙස ඉල්ලීමක්…

වරුතලයි විලාන් ප්‍රදේශයේ නැවැත පදිංචිවූ අර්ධ ස්ථීර නිවාසවල ජීවත්වන ජනතාව තමන් යටිතල පහසුකම් කිසිවක් නැතිව දුෂ්කරතා රැසක් මැද ජීවත්වන බව පවසා සිටියි.

වරුතලයි විලාන් ප්‍රදේශයේ වසර 25ක පසු නැවැත පදිංචිව සිටින මවකු පවසා සිටියේ, අපි මෙම ප්‍රදේශයේ එම කාලයේදීම ගල්වලින් ඉදිකළ නිවසේ ජීවත්වුනා. අවතැන්ව ගොස් නැවැත මෙහි පැමිණි විට අපගේ නිවස තිබූ සලකුණක්ම නැතිව සියළු දැය විනාශවෙලා.

රජය අර්ධ ස්ථීර නිවාස ඉදිකර ගැනීමට ආධාර ලබාදී තිබේ. දැන් ජීවත්වන්නේ එම නිවසේදීය. නමුත් රාත්‍රී කාලයේ එම නිවස්වල බියෙන් සිටින්නෙමු. රෑට විදුලිය නැහැ, දරුවන්ට ඉගෙන ගැනීමට නොහැකි තත්වයක් තිබෙනවා, මෙලෙස දුෂ්කරතා රැසක් මැද අපි නැවැත පදිංචිවී සිටින්නෙමු. අපට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් සපයා දීමට ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි ඇය ඉල්ලා සිටියි.

ජීවනෝපාය උදව්…

තමන්ට ස්වයං රැකියාවක් කර ගැනීමට හෝ ජීවනෝපාය උපකාරයක් ලබා දෙන ලෙස යුද්දයෙන් සිය සැමියා අහිමිවූ මේරි නැමැති කාන්තාව ඉල්ලා සිටියි.

මම අවතැන් කඳවුරේ සිටි කාලයේදී කුලී වැඩට ගොස් මගේ පවුල රැක බලාගත්තා, නැවැත පදිංචියට පැමිණි පසු රැකියාවක් නැතිව ජීවනෝපාය මාර්ගයක් නැතිව අපහසුතාවලට මුහුණ දෙමින් සිටිනවා, මෙම ප්‍රදේශයේ කුලි වැඩ නැති හෙයින් යාපනය නගර ආසන්න ප්‍රදේශවලට යෑමට සිදුව තිබේ. අවතැන්ව යෑමට පෙර කයිතඩි ප්‍රදේශයේ තිබූ ගොවිපලවලට කුලි වැඩට ගියෙමු. දැන් කයිතඩිවල තිබෙන ගොවිපලවල් අධි ආරක්‍ෂක කලාපයන්තුල තිබෙන නිසා කුලී රැකියාවක් සොයා නගරයට යෑමට සිදුව තිබේ.

එමෙන් මෙහි ජීවත්වන කාන්තාවන් ගෘහ මූලිකත්වය දරණ පවුල් ජීවනෝපාය මාර්ගයක් නැතිව දැඩි අපහසුතාවලට මුහුණ දෙමින් සිටියි. ඔවුන්ට ස්වයං රැකියා ආධාරයක් හෝ ජීවනෝපායා ආධාරයක් හෝ ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටියාය.

වෙනසක් ඇති කරන බව පවසා පාලනයට පැමිණි පිරිස වලිගාමම් උතුර අධි ආරක්‍ෂක කලාපය ලෙස තිබූ අක්කර 6300න් අක්කර 1000ක ඉඩම් ප්‍රමාණයක් නිදහස් කර ජනතාව නැවැත පදිංචි කළෙමු යැයි පවසා සිටින නමුත්, වසර 25කට ආසන්න කාලයක් දුක් කරදර මැද ජීවත්වූ මෙම ජනතාවගේ ජීවිතයෙහි වෙනසක් සිදුව නැත.

වෙනසක් ඇති කරන බව පැවැසූ වත්මන් රජය මෙම ජනතාවගේ ජීවිතයෙහි වෙනසක් සිදුකරන්නේ කවදාද?

By – Mayurapriyan
Translated by – Jasmin