SRILANKAN NEWS

ආපදාව සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් – විපතට පත්වූවන්ට රජයෙන් හදිසි මූල්‍ය ආධාරයක්

ආපදාවෙන් පීඩාවට පත්වූ පවුල් සදහා රුපියල් දස දහස බැඟින් මූල්‍යාධාරයක් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම්වරයා පවසයි.

මේ අතර, පවතින අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදාවන් සඳහා රජයෙන් ලබාදිය යුතු සහන පිළිබඳව සළකා බලන බවත්, සහන සැලසීමට ආපාදා කළමනාකරණය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු සිදුකරන අතර, මේ සම්බන්‍ධයෙන් අද පස්වරු 3ට අගමැති මුලිකත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පවත්වන බව අගමැතිවරයා පවසා තිබේ.