ARTICLES

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව සහ මෛත්‍රී කියන්නට පැමිණි කාරණාව

මෛත්‍රීඑක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජාතික ලැයිස්තුවට තෝරා පත්කළ මන්ත්‍රීවරුන්ගේ නම් නිකුත් කර තිබේ. නැවත වරක් මෛත්‍රී තමන්ටම ආවේනික ක්‍රමයෙන් බොහෝ දෙනෙකුට පිළිතුරු ලබාදී ඇත.

මා ගත්කළ මෙම ක්‍රියාවලිය මීට පෙරදීම අනුමානය කළ දෙයකි. මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්වූ විගසම මෛත්‍රී ආරම්භ කළ “ඔපරේෂන් ලිබරේෂන්“, වැඩපිළිවල ජාතික ලැයිස්තුව පත්කිරීම දක්වා දීර්ඝවේ…

මැතිවරණයට පෙර මහින්ද රාජපක්‍ෂ බලය යටතේ තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවට ඩියු. ගුණසේකර, මහාචාර්‍ය ජි.එල්. පීරිස්, තිස්ස අත්තනායක, මහාචාර්‍ය තිස්ස විතාරණ, රෙජිනෝල්ට් කුරේ, ශ්‍රී රංගා, ප්‍රබා ගනේසන්, ටිරාන් අලස් යන අයගේ නම් ද ඇතුලත් කර තිබුණි. එය කපා දැමීමට පක්‍ෂයේ හිටපු ලේකම්වරුන්ව ඉවත්කර, ඔවුන් විසින් ලබන 24වැනි දාතෙක් ක්‍රියාත්මක විය නොහැකි බවට අධිකරණ නියෝගයක්ද ජනාධිපති විසින් ලබාගෙන තිබුණි.

මහින්ද පාර්ශවයෙන් පලිගැනීමට ලක්වූවන්ව නව ලේකම්වරුන් හරහා ජාතික ලැයිස්තුවට ඇතුලත් කර මහින්ද පාර්ශවය මුළුමනින්ම තෙරපා හැර තිබේ.

මහාචාර්‍ය ජි.එල්. පීරිස් මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මහාචාර්‍යවරයකි. කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන අංශ රැසක කටයුතු කළ අයකි. චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට ආවේය. අනතුරුව රනිල් වික්‍රමසිංහ පාලනයට පැමිණි විට ඔහු සමඟ එක්විය. ඉන්පසු මහින්ද රාජපක්‍ෂගේ කාලයේ නැවැත වරක් පක්‍ෂ මාරුවිය. ඔහුව දේශපාලනයට හඳුන්වාදුන් චන්ද්‍රකා කුමාරතුංග විසින් වරක් ඔළුවේ කිසිවක් නැති මහාචාර්‍යවරයකු යැයි ද පවසා තිබේ. යහපත් බුද්ධියක් ලැබූ මහාචාර්‍යවරයකුව පවා දේශපාලන බලය සහ වරදාන අත්හැරියේ නැත. නමුත් අද දේශපාලන අනාථයෙක් පමණක් නොව ඔළුවේ කිසිවක් නැති මහාචාර්‍යවරයකු බවට පත්වී අවසන්ය.

ඊළගට වැදගත් චරිත දෙකකි. ඩි.යු. ගුණසේකර, මහාචාර්‍ය තිස්ස විතාරණ. වමාංශික පක්‍ෂයන් සමඟ දේශපාලනයට ඇතුල්වී වමේ අවස්ථාවාදීන් ලෙස වෙනස්වී, පාලකයන් සමඟ එක්වී දේශපාලන ව්‍යාපාරයේ නිරතවූවන්ය. කටුස්සන් මෙන් කටයුතු කළ ඔවුන්ගේ දේශපාලන අනාගතය ද අඳුරුවිය.

තිස්ස අත්තනායක ගැන පැවැසීමට කිසිවක් නැත. කොහෙදෝ මුල්ලක සිට ඔහුව සුබෝපභෝගි තැනකට ගෙනාවේ රනිල්ය. සුළු පටු වරප්‍රසාද උදෙසා මඟ වෙනස් කර ගැනීම පමණක් නොව රටේ ජනාධිපති සහ අගමැතිගේ ව්‍යාජ අත්සන යොදා කුඨ වාර්තා සකසා රටේ ජනතාව නොමඟ යැවීමටද තැත් කළේය. ඔහුගේ දේශපාලනයද අවසන්වී ඇත.

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වන ශ්‍රී රංගා, මාධ්‍යවේදියක් යන මුවාවෙන් අනෙකාගේ ජීවිතය නැති කරන වැඩපිළිවලක් තම මාධ්‍ය බලය යොදා සිඳුකිරීමට තැත් කළේය. පසුගිය පාලන කාලයේ ඔහුගේ මාධ්‍ය සංදර්ශනවලින් අවමානයට ලක්වූවන් විශාල පිරිසක් සිටියි. මාධ්‍ය බලයක් තියාගෙන ඔනෑම දෙයක් කළ හැකියි, මාධ්‍යකින් අනෙකාව අවමන් කළ හැකිය, මාධ්‍ය බලය යොදා කේවල් කිරීමේ දේශපාලන ව්‍යාපාරයක් පවත්වාගෙන යා හැකි බව සිතා ඉතා පහත් මට්ටමේ මාධ්‍ය දේශපාලනයක් කළ ශ්‍රී රංගාට මෙමත්‍රී ලබාදුන් දඞුවම ප්‍රමාණවත් නොවන බව ද පැවැසිය හැක.

ටිරාන් අලස් ද තම මාධ්‍ය බලය, මුදල් බලය පෙන්වා පාලන පාර්ශවය සමඟ කේවල් කර තම දේශපාලන පැවැත්ම රැකගත් පුද්ගලයකි. මහින්ද රාජපක්‍ෂගේ කාලයේ තමන්ට ඔනෑම දෙයක් කළ හැකි යැයි සිතූ ඔහුද අද අනාථවී සිටියි.

ඉදිරි කාලයේ මාධ්‍යවේදියකු හෝ මාධ්‍ය ආයතනයක් තම පුද්ගලික දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා මාධ්‍ය බලය යොදා ගන්නේ නම් අවසානයේදී දේශපාලනයේ පමණක් නොව මාධ්‍ය ක්‍ෂේත්‍රයේද අනාථයන් බවට පත්විය හැකි බව මෙවර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තු තේරීම තහවුරු කර තිබේ.

උතුරේ තම මාධ්‍ය ප්‍රසිද්ධිය පෙන්වා දෙමළ ජාතික සන්ධානය සමඟ කේවල් දේශපාලනයක යෙදී මතභේදයක් ඇතිකිරීමෙන් අනතුරුව, හිටපු කොටි සාමාජිකයන්ව සිය දේශපාලන අරමුණු සඳහා භාවිතා කර මැතිවරණයට තනිව තරඟ කළ මාධ්‍යවේදී විද්‍යාදරන්ට ද ජනතාව හොඳ පාඩමක් උගන්වා තිබේ.

දකුණේ මාධ්‍ය සංස්කෘතිය මෙන් උතුරේ මාධ්‍යක්ද තම මාධ්‍ය බලය සහ යුද්දය පැවැති කාලයේ යාපනයේ හඞක් ලෙස සිටියේ තමන් බව පවසාගෙන දෙමළ ජාතික සන්ධානය සමඟ කේවල් දේශපාලනයක අදටත් යෙදී සිටියි. මෙය සුභවාදී කරුණක් නොවේ, මාධ්‍යවේදීන්ගේ මෙවැනි ක්‍රියා කටයුතු ප්‍රජාතාන්ත්‍රික ගමනට බාධාවක් වනු ඇත.

“පුද්ගලික මාධ්‍ය ආයතනවල හිමිකරුවන් සහ කළමණාකරුවන් බොහෝ දුරට දේශපාලනීකරනයට ලක්වී තිබීම ජාත්‍යන්තර නීතියක් ලෙස මැතිවරණ කාලයේ අනුගමන කළ යුතු මධ්‍යස්ථ භාවය නැතිනම් සමානතාවයට බාධාවක් වන අයුරින් තිබුණු බව යුරෝපිය සංගමයේ වාර්තාව සඳහන් කරයි.

උතුර නැගෙනහිර ඇතුළු දෙමළ දේශපාලනයේ මාධ්‍ය ආයතනය, මාධ්‍යවේදීන් තම ප්‍රසිද්ධිය නැතිනම් තම බලය යොදා දේශපාලන බලය ලබා ගැනීමට සහ රැකගැනීමට කේවල් කිරීමකට සැරසෙන්නේ නම් දේශපාලන නායකයන් දැඩිව එය ප්‍රතික්‍ෂේප කිරීමට ඉදිරිපත්විය යුතුයි. එසේ නැතිනම් ජනතාව විසින් එයට පැහැදිළි පිළිතුරක් ලබා දෙනු ඇත.

අවසානයේ අංගයන් රාමනාදන්, හිස්බුල්ලා, (ඔහු තමන්ව මහින්ද පාර්ශිකයකු යැයි පෙරදී හඳුන්වාදී තිබුණු නමුත්, මඩකළපුවේ නියෝජනයක් ඇති කිරීමට වෙනත් මඟක් නොමැති හෙයින් ඔහුට ටොක්කක් ඇන ජාතික ලැයිස්තුවෙන් ඉඩක් ලබාදී තිබේ), ෆව්සි, ෆයිසර් මුස්තෆා, යන පිරිස තෝරා ගැනීමතුලින්ද මෛත්‍රී කාරණාවක් පවසයි. සුළු ජාතීන්ගේ නියෝජනයක් නැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස තම නායකත්වයේ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නොතිබිය යුතුයි යන කාරණාව පෙන්වාදී තිබේ. දෙමළ නියෝජනය සඳහා අංගයන් වැනි පුද්ගලයකු පත්වී ඇත. එය වෙනම කථාවකි. එපමණක් නොව මඩකළපුව සහ යාපනයේදී පක්‍ෂයට අහිමිවූ නියෝජනය ලබා ගැනීමටත්, කොළඹදී නිදහස් පක්‍ෂයට මුස්ලිම් නියෝජිතයකු නැතිවීමේ තත්වය නිරාකරණය කිරීම සඳහා අනිත් පැත්තෙන් හිස්බුල්ලාව තෝරාගෙන පිල්ලයාන්ව ඉවත්කර තිබේ.

ඇත්තෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයතුල දෙමළ සහ මුස්ලිම් නියෝජනයක් ගෙන ඒමේ කටයුත්තදී සාපේක්ෂව බලන විට ඉකුත් පිරිස සුදුසුයි යැයි මෛත්‍රී විසින් තෝරාගෙන තිබේ.

ඒ අනුව බොහෝ දෙනෙකුට තමන් පැවැසීමට ආ කාරණය පෙන්වාදී තිබේ. මෙහිදී සුළු ජාතික පක්‍ෂයන් අවධානය යොමු කළ යුතු වැදගත් කාරණාව, ඉදිරි කාලයේ දැනට තේරීපත්වූවන් මෙන් නොව සමාජයේ සහය ලබාගත් පුද්ගලයන් සුළුජාතික පක්‍ෂයන් අතහැර මහජාතික පක්‍ෂයන් කරා ගමන් කළේ නම් කුමක් සිඳුවිය හැකිද?

By – Nadarajah Kuruparan
Translate By – Jasmin