SPORTS

එක්දින හා පන්දුවාර 20-20 නායකත්වය තිසර පෙරේරාට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා පන්දුවාර 20-20 නායකත්වයට තිසර පෙරේරා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස මෙතෙක් කටයුතු කළේ උපුල් තරංගයි. එහෙත් එළඹෙන ක්‍රිකට් ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් නව නායකයෙකු පත් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇත.

ඉන්දියාව සමග තරග තුනකින් යුත් එක්දින තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ඔහු කටයුතු කරනු ලැබේ.

තරගාවලිය ආරම්භ වන්නේ ලබන දහවනදා සිටය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නායකයාගේ ද අදහස් ඇතිව අනිද්දා වන විට තෝරා අවසන් කරන බව තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පැවසීය.