SRILANKAN NEWS

සීමා නිර්ණය පිළිබඳ පෙත්සම ඉවත් කර ගනී..

සීමා නිර්ණ ගැසට් නිවේදනය වාරණය කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම පෙත්සම්කරුවන්ගේ නිතිඥවරයා විසින් අද (30) ඉල්ලා අස්කරගෙන තිබේ. ඒ අනුව, පළාත් පාලන ආයතන සීමානිර්ණ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීමට බල රහිත කරමින් අභියාචනාධිකරණය පනවා තිබු තහනම් නියෝගය විසුරුවා හැරීමට තීරණය කර තිබේ.

පළාත් පාලන ආයතනවල සීමානිර්ණ ගැසට් නිවේදනය සීමාර්ණ ‍කමිටුවේ නිර්දේශවලට පටහැනිව යමින් විෂ්‍යභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් ගැසට් කර ඇති බැවින් එය අවළංගු කරන ලෙස ඉල්ලා පුද්ගලයින් 6දෙනෙකු අභියාචනාධිකරණය හමුවේ පෙත්සම ගොනුකර තිබුණි.

පළාත් පාලන ඇමැතිවරයා සමඟ ඇතිවු එකඟතාවයට අනුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි පෙත්සම්කරුවන්ගේ නිතිඥවරයා ඉල්ලීමක් කළ අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් පෞද්ගලිකව පෙනී සිටි නිතිපතිවරයා පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බව අධිකරණය හමුවේ පවසා තිබේ.

කරුණු සළකා බැලු අභියාචනාධිකරණය පෙත්සම නිෂ්ප්‍රභ කළ අතර පළාත් පාලන ඡන්දය පැවැත්වීමට බාධාවක්ව තිබු ගැසට් නිවේදනයට එරෙහිව ලබා දුන් අතුරු තහනම් නියෝගයද ඉවත් කර තිබේ.