SRILANKAN NEWS

උතුරු පළාත් ලංගම වර්ජනය අවසන්

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ උතුරු පළාත් භාර ප්‍රධාන කළමණාකරු උපාලි කිරිවත්තුඩුව මහතා වහාම එම ධූරයෙන් ඉවත් කර නව කළමණාකරු ලෙස කේදීස්ව පත්කරන බවට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ මූලස්ථානය ලබාදුන් සහතිකයෙන් අනතුරුව උතුරු පළාත් ලංගම සේවක සංගමය දියත් කළ වර්ජනය අවසන් කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා සහ ලංගම සභාපතිවරයා අතර අද දින පෙරවරුවේ පැවැති සාකච්ඡාවදී මෙම පොරොන්දුව ලබාදුන් බව උතුරු පළාත් ලංගම සේවක සංගමය පැවැසීය.