ARTICLES

හමුදාව වටකරගෙන සිටින කනකාම්බිකයි අම්මන් කෝවිලේ නගෙනහිර මාර්ගය පමණක් නිදහස් කළේ නම් ප්‍රමාණවත් ද?

11011546_745059172306194_4071380092915922535_nඋතුර ජනතාවගේ ජනාවාසවල පමණක් නොව පොදු ස්ථාන රැසකදී ද හමුදාව ස්ථානගතව සිටියි. එමෙන් පොදු ස්ථානවල ක්‍රියා කටයුතුවලට දැඩි අවහිරතා ඇතිව තිබෙන අවස්ථාවක හමුදාවේ ආධිපත්තිය ලිහිල් කිරීමට නොහැකි තත්වයක් පවතියි.

කිලිනොච්චිය ඉරනමඩු කනකාම්බිකයි අම්මන් කෝවිල වටා ඇති ස්ථානවල හමුදාව දැවැන්ත කඳවුරු ඉදිකරගෙන රැඳී සිටියි. ඉරනමඩු කනකාම්බිකයි අම්මන් කෝවිලේ පසු පස සහ දකුණු පස ඇති ප්‍රදේශයන් හමුදා කඳවුරුවලින් ව්‍යාප්තව තිබේ.

අදාල ප්‍රදේශයන් කෝවිලේ ක්‍රියා කටයුතුවලට අවශ්‍ය වන ඉඩම්ය. ආරාම මඩම්, උත්සව පිටිය ඇතුළු කෝවිලේ පසු පසින් ජනතාවගේ ජනාවාස ඉඩම්ද හමුදා සතුව ඇත. ඉකුත් ඉඩම්වල පදිංචිව සිටි ජනතාව එම ඉඩම්වලට ආසන්න ප්‍රදේශයක තාවකාලිකව නැවැත පදිංචිවී සිටිති.

ඉරනයිමඩු වැව කිලිනොච්චිය ජනතාවගේ ජීවනෝපාය කටයුතුවල ප්‍රධාන අංගයකි. කනකාම්බිකයි අම්මන් කෝවිල වන්නි ජනතාවගේ ජීවිතයෙහි විස්වාසනීය ප්‍රසිද්ධ පූජා ස්ථානයකි. එම ප්‍රධාන ස්ථාන දෙකම හමුදාව විසින් අත්පත්කරගෙන තිබෙන්නේ ඇයි?

ඉරනමඩු වැවෙන් මසුන් අල්ලා සිය ජීවනෝපාය කටයුතු පවත්වාගෙන යන ධීවර පවුල් සහ වැව් ජලය විස්වාස කර ගොවිතැන් කටයුතුවල නිරතවන ජනතාවද හමුදාවගේ ඉරනමඩු ආධිපත්තිය නිසා පසුගිය කාලයදී දැඩි අපහසුතාවලට මුහුණදී ඇත..

හමුදාව ධීවරයන්ට මසුන් මැරීමට අවසර දෙන්නේ නැහැ. තවද ජනතාවට වැවේ අවශ්‍ය තරම් ජලය ඉතුරු කර ගැනීමටද අනුමැතියක් නැත. එයට හේතුව ඉරනමඩු ප්‍රදේශය හමුදාව තම පාලනය යටතේ තබා ගැනීමය. කෝවිල් පරිපාලකයන් සතුව කෝවිලේ ඉඩම්ද, ධීවර සංගම්වලට වැවේ හිමිකමක්ද නැත.

පසුගිය කාලයදී ඉරනමඩු වැවේ මසුන් මරන ධීවරයන්ගේ බෝට්ටු සහ දැල් හමුදාව විසින් විනාශ කර දැමූ පුවත් රැසක් අපි දැන සිටින්නෙමු. ඉරනමඩු ප්‍රදේශයදී මෙවැනි තත්වයක් පවතින අතරතුර නැවැත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ඊයේ දින ඉකුත් කෝවිලට පැමිණ ඇත.

හමුදාව විසින් සම්පූර්ණයෙන් වටකරගෙන ඇති කෝවිලේ නැගෙනහිර මාර්ගය පමණක් නිදහස් කර දෙන බවට අමාත්‍යවරයා කෝවිලේ පරිපාලකයන්ට පොරොන්දුවී ඇත. වත්මන් තත්වයට අනුව නැගෙනහිර මාර්ගය හෝ විවෘත කරපු දෙන් යන්න කෝවිල් පරිපාලකයන්ගේ බලාපොරොත්තුව වේ.

උතුරේ හමුදාව සතුකරගෙන ඇති සිවිල් ඉඩම් නිදහස් කිරීමේදී ආණ්ඩු පක්‍ෂයට සම්බන්‍ධ අමාත්‍යංශවල තීරණවට වඩා හමුදාවගේ තීරණ බලපානවාදැයි ප්‍රශ්ණයක්ද මතුවී ඇත.

මෑතකදී පැවැති උත්සවයදී අදහස් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, හමුදාව තමන්ට අනවශ්‍ය ඉඩම් නිදහද් කිරීමට අනුමැතිය ලබාදී ඇතයි පවසා තිබුණි. රටේ ජනාධිපතිවරයකු ක්‍රියා කරන්නේ හමුදා අනුමැතිය යටතේද?

මෙහිදී ද ජනතාවට අවශ්‍ය ජනතාවගේ ඉඩම් යන සංකල්පයට වඩා හමුදාවට අනවශ්‍ය ඉඩම් ලෙස ගණනට ගෙන ඇත. වලිගාමම් උතුරු ප්‍රදේශයදී නිදහස් කළ ඉඩම් ද හමුදාවට අනවශ්‍ය ඉඩම් ද? එම ජනතාව පවසා සිටින්නේ එලෙසය. තමන් පෙර ජීවත්වූ ඉඩම් හා නිවාස තියාගෙන ජනතාවට ජීවත්වීමට නොහැකි ඉඩම් ප්‍රදේශය නිදහස් කර ඇතයි ඔවුන් පවසයි. නව රජය විසින් ඉඩම් නිදහස් කිරීමේ වැඩපිළිවල නාඩකමක්ද?

ඇත්තෙන්ම මෙම රජය පීඩාවට පත්වූ ජනතාවගේ යහපත ගැන හදවතට හෘදයාංගව කටයුතු කර නැති බව මෙම ක්‍රියා කටයුතුවලින් පැහැදිළිව පෙන්වා දෙයි. ජාත්‍යන්තර බලපෑම්වලින් බේරීමට මෙලෙස ඉඩම් නිදහස් කරන බවට ප්‍රසිද්ධියක් ලබා දෙමින් සිටියි. ජනතාවගෙන් පවරාගත් ඉඩම් නැවැත එම ජනතාවටම ලබාදිය යුතුයි.

එපමණක් නොව මෙතෙක් කාලයක් එම ජනතාවගේ ඉඩම් තම සතුකරගෙන තිබීමෙන් එම ජනතාවගේ ජීවනෝපාය ආර්ථිකය අඳුරු යුගයකට ඇද දැමූ රජය එයට වන්දියක් ලබාදිය යුතුයි. අත්පත්කරගත් ඉඩම්, අහිමිවූ ජීවනෝපාය මාර්ගය සහ ආර්ථික ජීවන රටාව ඇතිකර දීම නැවැත පදිංචි කිරීමේ අරමුණ විය යුතුයි.

එමෙන් ඉරනමඩු වැවට ආසන්නව ඉදිකර ඇති හමුදා කඳවුරු ඉවත් කළ යුතුයි. එමඟින් කෝවිලේ පූජා කටයුතු නිදහසේ පවත්වාගෙන යෑමට සහ වැව විස්වාස කර ජීවනෝපාය කටයුතුවල නිරතවන ධිවරයන් සහ ගොවි ජනතාවට යහපතක් උදාවනු ඇත. විශේෂයෙන් එම ප්‍රදේශයෙන් පවරාගත් ජනතාවගේ ඉඩම් නැවැත එහි මුල් අයිතිකරුවන්ට ලබාදිය යුතුයි.

ඉඩම් නිදහස් කිරීමේ අවංක භාවය එයවේ. එය හැර හමුදාව විසින් වටකරගෙන සිටින ඉරනමඩු කනකාම්බිකයි අම්මන් කෝවිලේ නැගෙනහිර දොරටුව පමණක් නිදහස් අනෙකුත් කඳවුරු දිගටම පවත්වාගෙන යෑමෙන් කිසිම වෙනසක් සිඳුවන්නේ නැහැ. කෝවිලක්, දේවස්ථානයක් හමුදා පරිසරයකින් තොර පූජා ස්ථානයක් ලෙසත්, වැවක් හමුදාවෙන් තොර ස්වභාවයෙන් තිබිය යුතුයි යන්න ජනතාවගේ ඉල්ලීමවේ.

ග්ලෝබල් ටැමිල් නිව්ස් සඳහා අන්බලකන්
පරිවර්ථනය – Jasmin