SRILANKAN NEWS

ශ‍්‍රීලනිප නව සංවිධායකවරු 20 දෙනෙකුට ජනපති අතින් පත්වීම්

ශ‍්‍රීලනිප නව සංවිධායකවරු 20 දෙනෙකුට ජනපති අතින් පත්වීම්

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරු විසි දෙනෙකුට ඊයේ (2) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලබාදී තිබේ. එහිදී එක්සත් ජාතික පක්ෂය නියොජනය කරමින්, ගම්පොල නගර සභාවේ හිටපු නගරාධිපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්වූ අතර, ඔහුව ජනාධිපතිතුමා විසින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු ලෙස පත්කර තිබේ.

ඊයේ දින ශ්‍රීලනිප නව සංවිධායකවරු ලෙස පත්වීම් ලබාගත් පිරිස පහත සඳහන් වේ..

නුවරඑළිය ආසන සම සංවිධායක – රොෂාන් ගුණවර්ධන මහතා

මහනුවර දිස්ත‍්‍රික්කය – සරත් ගාමිණි හෙට්ටිආරච්චි මහතා

ගම්පහ දිස්ත‍්‍රික්ය – ප‍්‍රදීප් චන්දන පෙරේරා මහතා/නලින් සේනක දිසානායක මහතා

කොළඹ දිස්ත‍්‍රික්කය – චන්ද්‍රිකා ද සොයිසා මහත්මිය

ගාල්ල දිස්ත‍්‍රික්කය – අසාම් හමාඞ් මහතා

අනුරාධපුර දිස්ත‍්‍රික්කය – එම්.ආර්.බී. ඥානතිලක මහතා

පුත්තලම දිස්ත‍්‍රික්කය – මල්පිනී විතාරණ මහත්මිය

ගාල්ල දිස්ත‍්‍රික්කය – පී.එච්.චම්පිකා නිරංජලී මිය/ඩබ්.ඒ.නිලානි මිය

නින්දවූර් ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය – වයි.එල්.සුලෙයිමා ලෙබ්බේ මහතා

රත්නපුර දිස්ත‍්‍රික්කය – සමන් ඉන්දික මානවගේ මහතා/කේ.එම්.එස්.එස්. රත්නායක මහතා

දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කය – එම්.එච්.එම් සහීල් මහතා

දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයේ කාර්තිව්
ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ

මුස්ලිම් ජන ප‍්‍රදේශය – අබ්දුල් මජීඞ් ජාහීර් මහතා

දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කය

තිරුක්කෝවිල් ප‍්‍රාදේශිය සභා
බල ප‍්‍රදේශය – එස්.විග්නේෂ්වරන් මහතා

මඩකලපුව දිස්ත‍්‍රික්කය – එස්.සුජාන් මහතා /ගුණරත්නම් හරිතරන් මහතා

මහනුවර දිස්ත‍්‍රික්කය – අලගර් සෙල්වකුමාරන් මහතා

රත්නපුර දිස්ත‍්‍රික්කය – නිමල් ගාමිණී වීරසිංහ මහතා