SRILANKAN NEWS

EPRLF,TELO හමුව – තමිලරසු පක්‍ෂය සමඟ අමනාපයක් ? දෙ.ජා.ස. යෙන් ඉවතට ?

දෙමළ ජාතික සන්ධානයෙන් තමන් ඉවත්වී ක්‍රියාත්මක වන බවට ප්‍රකාශ කර ඇති ටෙලෝ පක්‍ෂය අද දින දෙමළ ජාතික සන්ධානයේ සන්ධාන ගත තවත් පක්‍ෂයක් වන ඊළම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ පක්‍ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාව අද පෙරවරුවේ යාපනය නීර්වේලි ප්‍රදේශයේ පිහිටි එම පක්‍ෂ කාර්‍යලයේදී හමුවී සාකච්ඡා කර තිබේ.

ටෙලෝ පක්‍ෂයෙන් එම පක්‍ෂයේ උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම්, නැගෙනහිර පළාත් හිටපු මන්ත්‍රී කරුණාකරම් ජෙනා, හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී විනෝදරලිංගම්, නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රී ප්‍රසන්නා යන පිරිස සහභාගිවූහ.

මෙම සාකච්ඡා හමුවේදී සූර්‍යා ලකුණින් මැතිවරණයට තරඟ කිරීම සම්බන්‍ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. අද සවස ටෙලෝ පක්‍ෂය සිය අවසන් ස්ථාවරය ප්‍රකාශයට පත්කරන බවත්, තම පක්‍ෂය ඉදිරියේදී තමිලරසු පක්‍ෂය සමග එක්ව කටයුතු නොකරන බවද ටෙලෝ පක්‍ෂයෙන් පවසා තිබේ.