ARTICLES

මව්වරුන්ගේ කඳුලු පිස දමන්න – ජීවතුන් අතර සිටින පුතා ගැන සාක්‍ෂි සහිතව සටන් කරන මවක්

11811511_745053782306733_4940353456992791077_nශ්‍රී ලංකාවේ නව රජය පාලනයට පැමිණ දින 100ක් අවසන්වී ඇත. වර්තමාණයේ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව අතර පවතින ප්‍රධානතම ගැටළුවක් වන අතුරුදහන්වූවන් පිළිබඳ ප්‍රශ්ණයට ශ්‍රී ලංකා රජය පසුගිය රජය මෙන් කිසිම පිළිතුරක් ලබාදී නැත.

යාපනය කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචිව සිටින ජෙයකලා අතුරුදහන්වූ සිය දරුවන්ව සොයමින් සිටින දහස් ගණනක මව්වරුන් අතර එක් මවකි. මගේ දරුවා ජීවතුන් අතර සිටිනවා යැයි සාක්‍ෂි සහිතව මෙම මව සටන්කරමින් සිටියි.

ජෙයකලාගේ පුතා වන සුදන් දිනක් කඩේට ගිය අවස්ථාවක හමුදාව විසින් ප්‍රශ්ණ කිරීමක් සඳහා රැගෙන ගොස් තිබේ. එය 2006දී සිඳුව තිබේ. එදා කැඳවාගෙන ගිය පුතාව බොහෝ අවස්ථාවල හමුදාව අතර තම ප්‍රදේශවලට රැගෙන ඒම සිය ඇසින් දැක තිබෙන බව සුදන්ගේ පියා වන අරුනගිරිනාදන් සඳහන් කරයි.

යුද්දයදී යටත්වුවන්ව ශ්‍රී ලංකා රජය අතුරුදහන්වූවන්ගේ ලැයිස්තුවට ඇතුලත් කර තිබේ. යටත්වූවන් නැති නම් ඔවුන්ව අතුරුදහන්වූවන්වී ඇතයි පසුගිය පාලකයන් පවසා තිබුණි. කිසිම අනුකම්පාවක් යුක්තියක් නැතිව ජීවතුන් සිටි බොහෝ දෙනෙකුව ශ්‍රී ලංකා රජය අතුරුදහන්වූවන් ලැයිස්තුවට ඇතුලත් කළේය.

යටත්වූවන් අතුරුදහන්වී ඇතයි පවසා තිබුණි. අත්තඩංගුවට පත්වූවන් අතුරුදහන්වී ඇතයි පවසා තිබුණි. රැඳවුම් භාරයට ගත් පිරිස අතුරුදහන්වී ඇතයි පවසා තිබුණි. යටත්වූවන, අත්තඩංගුවට පත්වූවන්, අතුරුදහන්වී යන්නේ කෙසේ ද?

රටක රජයක් තම රටේ යටත්වූ, අත්තඩංගුවට පත්වූ තම පුරවැසියන් අතුරුදහන්වී ඇතයි පවසන්නේ නම් එම රජය දැවැන්ත මානව හිමිකම් උල්ලංඝනයක් සිඳුකර තිබීම එක් පැත්තකින් පෙන්වා දෙන අතර තවත් පැත්තකින් අතුරුදහන්වූ පිරිස එම රජයේ පුරවැසියන්ද යන ප්‍රශ්ණයක් ද මතුවෙයි…

අත්තඩංගුවට පත්වූ මගේ පුතා අතුරුදහන්වුනේ කොහමද? ඔහු ජීවතුන් අතර සිටින බවට සාක්‍ෂි මා සතුව තියෙනවා යැයි සුදන්ගේ මව පවසයි.

2007 වසරදී එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කළ අතුරුදහන්වූවන් සහ අත්තඩංගුවට පත්වූවන් සඳහාවූ ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව බූස්ස බන්‍ධනාගාරයට ගියේය. එම කණ්ඩායමේ මැති ඇමැතිවරුන්ද සිටියි. එම පිරිස බන්‍ධනාගාරයට ගොස් සිරකරුවන් සමඟ කථා බහ කළ පුවත පසු දින පුවත්පත්වල ඡායාරූප සමඟ පළකර තිබුණි. එහි එක් ඡායාරූපයක ජෙයකලාගේ පුතා වන සුදන්ද සිරකම්බිවලට පසුපස සිට බලාගෙන සිටියි.

ඔහුගේ මුහුණ ලොකු සාක්‍ෂියක් ලෙස කරුණු රැසක් පවසයි. කිසිම වැරද්දක් නොකළ මාව නිදහස් කරන්න යන නිදසේ මහත් සිහිනයක් සමඟ ඔහු බලා සිටියි. එම බන්‍ධනාගාර ඡායාරූපයේ සිටින්නේ ජෙයකලාගේ පුතා වන සුදන් බව ජෙයකලාගේ අතේ තිබෙන අනෙකුත් ඡායාරූප සියල්ල බලන විට සැකයකින් තොරව විස්වාස කළ හැකිය.

එමෙන් එදා බන්‍ධනාගාරයේ ජීවතුන් අතර සිටි මගේ පුතා කොහෙදැයි ජෙයකලා හැඬු කඳුලෙන් යුතුව විමසයි. සිය පුතා ගැන කථා කරන විට දැඩි වේදනාවකින් අඞා වැලපෙන ජෙයකලාගේ කඳුලුවලට පිළිතුරු දෙන්නේ කව්රුන් ද? එම කඳුලු පිස දමන්නේ කව්රුන්ද? නව රජය මව්වරුන්ගේ කඳුලු පිස දැමිය යුතු යැයි ජෙයකලා ඉල්ලා සිටියි.

මව්වරුන්ගේ කඳුලු ශක්තිමත්ය, සාධාරණීය යුක්ති සහගතය සිය දරුවන් වෙනුවෙන් හලන කඳුලුවලට වගකිව යුත්තන්ට ශාපයට ලක්කළ හැකිය. මෙම මව්වරුන්ගේ කඳුලුවලට වගකිව යුත්තන් කව්රුන්ද? ශ්‍රී ලංකා දූපතේ අසාධාරණව පිළිතුරක් නැති වේදනාවකින් කඳුලු සලන මව්වරුන්.

බළධාරීන් බොහෝ දෙනෙකුගේ දෙපා වැටී තම පුතාව ඉල්ලා සිටි බව පවසා සිටින ජෙයකලා මෙම රජයෙන් අපට කිසිවක් එපා අපගේ දරුවන්ව ලබාදුන්න නම් ඇති අපගේ ඉල්ලීම එය පමණක් බව හැඬු කඳුලෙන් යුතුව පවසයි.

යුද්දෙත් ඉවරයි. ශ්‍රී ලංකා රජය එහි සලකුණු පවා තුරන් කර අවසන්ය. නමුත් ශ්‍රී ලංකා රජය ජනතාවට එරෙහිව කළ ජන සංහාරය සහ යුද අපරාධයන් ශ්‍රී ලංකා රජය ඉලක්ක කරමින් සිටියි. යුද්දයදී යටත්වූවන් ද අතුරුදහන්වී ඇතයි රජය පවසයි. අත්තඩංගුවට පත්වූවන් ගැන විමසූ විටද නිහඞවෙයි.

එනම් ශ්‍රී ලංකා රජයේ අරමුණ සියළු දෙනාම විනාශ කිරීමද? ජෙයකලා වැනි මව්වරුන්ට රජය පිළිතුරු ලබාදිය යුතුය. මගේ දරුවා ජීවතුන් අතර සිටිනවා යැයි සාක්‍ෂි සහිතව සටන් කරන ජෙයකලා වැනි මව්වරුන්ට ශ්‍රී ලංකා රජය පිළිතුරක් නොදී සිටිය නොහැක. ශ්‍රී ලංකා රජයේ නිහඞතාවය මෙම මව්වරුන්ගේ ජාත්‍යන්තර විභාගයක් ඉල්ලා සිටීමට හේතුවක්වී තිබේ.

මෙම මවගේ අරගලය ශක්තිමත්ය…