SPORTS

පළමු එක්දින තරඟයෙන් ලංකාවට කඩුලු 7ක ජයක්..

ඉන්දියාව සමග හිමාචාහිදී පැවැති පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7ක ජයක් හිමිකර ගෙන තිබේ. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 38කුත්, පන්දු 2කදී ලකුණු 112කට සීමාවිය. එහිදී ඕවර 10ම සම්පූර්ණ කළ සුරංග ලක්මාල් ඉන් ඕවර 4ක්ම ලකුණු ලබාදීමෙන් වළකාගත් අතර කඩුලු 4ක් දවාලූයේ ලකුණු 13ක් පමණක් ලබාදෙමිනි.

අනතුරුව ලකුණු 112ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20යි, පන්දු 4කදී කඩුලු 3ක් පමණක් දැවී ජය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව මින්පෙර ඉන්දියාවේදී ඔවුන්ට එරෙහිව එක්දින ජයක් වාර්තා කර තිබුණේ 2009 වසරේදී වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම මේ ජය වාර්තා කළේ මේ වසර තුළදී පිට පිට එක්දින තරග 12ක් පරාජයට පත්වීමෙන් පසුව වීම විශේෂත්වයකි.

මේ සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.