SRILANKAN NEWS

ඇමැති සාගල ඉදිකිරීමට යෝජිත දෙනියාය නව රෝහල් භූමියේ නිරීක්‍ෂණ චාරිකාවක

ඇඳන් 500 කින් යුක්තව ඉදිකිරීමට යෝජිත දෙනියාය නව රෝහල සඳහා තෝරාගනු ලැබූ භූමිය ඊයේ (15) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

මෙම නව රෝහල ඉදිකිරිම පිළිබඳව ප්‍රදේශයේ මහා සංඝරත්නය දැනුවත් කිරීමද අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් එහිදී සිදුකරනු ලැබූ අතර එම අවස්ථාවට භික්ෂුන් වහන්සේලා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

එහිදී අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශකර සිටියේ දෙනියාය ප්‍රදේශය තුළ විශාල සංවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවත් එයින් ප්‍රමුඛතම කාර්ය දෙනියාය නව රෝහල ඉදිකිරිම වන බවයි. මෙම නව රෝහල ඉදිකිරිම සඳහා පසුගිය කාලය තුළදී ස්ථාන තුනක ශක්‍යතා වාර්තා කැඳවු නමුත් එම ස්ථාන ඒ සඳහා යෝග්‍ය නොවූ බැවින් මෙම දෙනියාය හෑන්ඩ්ෆර්ඩ් වතුයායට සම්බන්ධ ඉඩමක් ඒ සඳහා යොදාගැනීමට සිදු වූ බවයි.

ඒ අනුව 2018 වසරේ මුල් කාර්තුවේදී රෝහල ඉදිකිරිම සඳහා අවශ්‍යවන ආකාරයෙන් බිම් සැකසීම සිදුකරන බවත් ඒ සඳහා මෙවර අයවැය මගින් ද මුදල් වෙන්කර ඇති බව ද සඳහන් කර සිටියේය.