SRILANKAN NEWS

ශ්‍රී ලංකාවේ ස්ථාවරය අනෙකුත් රටවල් අනුගමනය කළ යුතුයි

මානව හිමිකම් නිරීක්‍ෂණ කමිටුව

බිම් බෝම්බ සම්බන්‍ධ ශ්‍රී ලංකාවේ ස්ථාවරය අනෙකුත් රටවල් ද අනුගමනය කළ යුතු යැයි ඉල්ලා තිබේ. බිම් බෝම්බවලට එරෙහි ජාත්‍යන්තර ප්‍රකාශනයට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති අවස්ථාවක මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

බිම් බෝම්බවලට එරෙහි ජාත්‍යන්තර ප්‍රකාශනයට අත්සන් තබා නොමැති අනෙකුත් රටවල් ද ශ්‍රී ලංකාව අනුගමනය කර අත්සන් තැබිය යුතු යැයි මානව හිමිකම් නිරීක්‍ෂණ කමිටුව ඉල්ලා තිබේ. බිම් බොම්බවලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රකාශනයට අත්සන් තැබූ 163වන රට ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුවට එක්වී තිබේ.

1997දී බිම් බෝම්බවලට එරෙහි ඔට්ටාවා ප්‍රතිපත්තිය ප්‍රකාශනයට කෙරුණි. කෙසේ නමුත් යුද්දය හේතුවෙන් එම ප්‍රකාශනයට ශ්‍රී ලංකාව අත්සන් තැබුවේ මෑතකදීය.