SRILANKAN NEWS

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10

ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පෙබරවාරි 10 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම දින නියම කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (18දා) සඳහන් කළේය.

අද දින කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා සිටි අතර, මීට අදාළ ගැසට් නිවේදනය ලබන 26වනදා නිකුත් කරන බවද පවසා සිටියේය.

මේ අතර තැපැල් ඡන්ද සදහා අයදුම්පත් භාර ගැනීම ලබන 22 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.