SRILANKAN NEWS

ජපාන විදේශ කටයුතු ඇමැති දිවයිනට..

නිළ සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය. අමාත්‍යවරයා ජනවාරි 05වනදා දිවයිනට පැමිණිමට නියමිතය.

ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරත වන්නේ වසර 15කට පසුව වීම විශේෂත්වයකි.

සිය සංචාරය තුළදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙලේ නිළධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජපානය සදහ ශ‍්‍රී ලංකාව ඉතා සමීප දේශපාලනල ආර්ථික, වෙලඳ සහ ආයෝජන සබඳතා පවත්වන අතර ජපානය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සංවර්ධන සහකරුවෙකු ලෙස කටයුතු කරනු ලැබේ.