SRILANKAN NEWS

අඛණ්ඩ අරගලයකින් පසු කේප්පාපිලවු ජනතාවගේ අක්කර 133ක ඉඩම් නිදහස් කරයි..

කේප්පාපිලවු ප්‍රදේශයේ හමුදාව යටතේ තිබූ ජනතාවට අයත් ඉඩම් අක්කර 133ක ප්‍රදේශයක් අද දින නිල වශයෙන් නිදහස් කර තිබේ. කෙසේ නමුත් ජනතාවට එහි පදිංචියට යෑමට අවසර ලබා දෙන්නේ ඉඩම් මිනුම් කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව බව පැවැසේ.

ඉඩම් නිදහස් කිරීමේ අවස්ථාවට නැවැත පදිංචි කිරීමේ අමාත්‍යංශ ලේකම් පරන්චෝදි, මුල්ලතිව් දිස්ත්‍රික්ක දිසාපතිනි රූපවති කේදීස්වරන්, ප්‍රාදේශිය ලේකම්, ග්‍රාම සේවා නිලධාරින්, හමුදා නිලධාරින් සහ ඉඩම් අයිතිකරුවන්ද පැමිණ සිටියහ.

හමුදාව යටතේ පවතින තම ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා කේප්පාපිලවු ජනතාව පසුගිය දින 300කට වැඩි කාලයක් අරගලයක නිරතවූහ.

මෙවැනි තත්වයකදී කේප්පාපිලවු ජනතාවගේ ඉඩම්වල හමුදාව ඉදිකර ඇති කඳවුරු වෙනත් ස්ථානයකට ගෙන යෑම සඳහා පුනරුත්ථාපන හා නැවැත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් හමුදාවට රුපියල් මිලියන 148ක මුදලක් ලබාදි තිබුණි.

අනතුරු එම ප්‍රදේශයෙන් හමුදා කඳවුරු ඉවත් කරගත් හමුදාව අද දින ජනතාවට අයත් අක්කර 133ක ඉඩම් නිල වශයෙන් නිදහස් කර තිබේ. ඉදිරි දිනවල එම ප්‍රදේශයෙහි ජනතාව නැවැත පදිංචි කිරීමේ කටයුතු සිඳුකරන බවද පවසා තිබේ.

මේ අතර, හමුදාව යටතේ පැවැති කේප්පාපිලවු ප්‍රදේශයේ වට්රාපලයි ප්‍රධාන මාර්ගය ද ලබන ජනවාරි මස පළමු වනදා සිට නිදහස් කරන බවට හමුදාව පවසයි.