SRILANKAN NEWS

ප්‍රගතිශීලි දෙමළ ජාතික පක්‍ෂයේ ලේකම් ඇතුළු පිරිස වරදකරුවන් බව අධිකරණය ප්‍රකාශ කරයි..

ප්‍රගතිශීලි දෙමළ ජාතික පක්‍ෂයේ ලේකම් සුදර්සිං විජයකාන්ත් ඇතුළු සිව් දෙනෙකු කොල්ලකාපු ආභරණ තමන් සතුව තබාගෙන සිටීමේ චෝදනාවට වරදකරුවන් බව යාපනය මහසේත්‍රාත් අධිකරණය හඳුනාගෙන තිබේ.

යාපනය කෝප්පායි පොලිස් වසටම අයත් ප්‍රදේශයේ 2013 ජූලි මස බැංකු නිලධාරියෙකුගේ නිවසකදි කොල්ලකෑමේ සිද්ධියක් වාර්තාවුණි. සිද්ධිය සම්බන්‍ධයෙන් විජයකාන්ත් ඇතුළු සිව් දෙනෙකුව පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. අදාල නඩුව අද යාපනය මහේස්ත්‍රාත් සි. සදීස්වරන් ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ, සැකකරුවන් සිව් දෙනාට එරෙහි මංකොල්ල කෑමේ චෝදනාව සැකයකින් තොරව ඔප්පු කිරීමට නොහැකි නමුත්, කොල්ලකාපු ආභරණ තම සතුව තබා ගැනීම සහ එය උකස් කිරීමට උත්සහ කිරීම ඇතුළු චෝදනාවලට වරදකරුවන් බව ඔප්පුවී ඇති බවත්, ඔවුන්ට එරෙහි දඞුවම ලබන පළමු වනදා තීන්දු කරන බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

ප්‍රගතිශීලි දෙමළ ජාතික පක්‍ෂය මෙවර පළාත් පාලන මැතිවරණයට දෙමළ විමුක්ති සන්ධානයේ සූර්‍යා ලකුණින් තරඟ කිරීම විශේෂත්වයකි.