SRILANKAN NEWS

ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කළේ වසර 70ක ශේෂ පත්‍රයයි – විජිත හේරත්

බැඳුම්කරය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දින ප්‍රකාශ කළේ ප්‍රධාන පක්‍ෂ දෙකේහි වසර 70ක ශේෂ පත්‍රය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

අද (04) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

“ජනාධිපතිවරයා ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කළේ වසර 70 වසරක නිල් කොල පාලනයේ ක්සත් ජාතික පක්‍ෂය, ශී‍්‍රලනිප පක්‍ෂ දෙකේ වංචා, දූෂණ, අක්‍රමිකතා ක්‍රියාවලියේ කෙටි වාර්තාවක් බවත් මෙම පක්‍ෂ දෙක මාරුවෙන් මාරුවට ජනතාවගේ මුදල් වංචා කළ බව, නාස්ති කළ බව, කාබාසිනියා කළ බව එම ප්‍රකාශයෙන් පැහැදිලි වනවා.

ජනාධිපතිවරයා මෙම ප‍්‍රකාශය අවසානයේදී කිව්වා, කොමිෂන් සභා දෙකේම පරීක්‍ෂණ කටයුතු නිර්දේශ, හා එම තොරතුරු මත ඉදිරියේදී කි‍්‍රයා කිරීමේදී ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකෙහිම පුද්ගලයින් වගඋත්තරකරුවන් බවට පත්වී තිබෙන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි කියලා. එනිසා දැන් ජනතාවට පැහැදිලියි මෙම පක්‍ෂ දෙකම අපේ රටේ මහජනතාවගේ මුදල් වංචාවට, දූෂණයට, නාස්තිය සෘජුවම සම්බන්ධයි කියලා. තවදුරටත් අපේ රටේ ජනතාව මේ පක්‍ෂ දෙකට ඡුන්දය ලබා දෙනවාද කියලා සිතා බැලිය යුතුව තිබෙනවා“ යැයි විජිත හේරත් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.