SRILANKAN NEWS

සිරුප්පිටි තරුණයන් ඝාතන සිද්ධිය – හමුදාවට එරෙහි නඩුව අප්‍රේල් මාසයේදි..

සිරුප්පිටි තරුණයන් දෙදෙනෙකුගේ ඝාතන සිද්ධිය සම්බන්‍ධ නඩු විභාගය යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ලබන අප්‍රේල් 12 වනදාට කල් තබා ඇත.

පසුගිය 1997 ඔක්තෝම්බර් මස 28වනදා යාපනය සිරුප්පිටිය ප්‍රදේශයේ ඝාතනයට ලක්වූ තරුණයන්ගේ දෙමව්පියන් කළ පැමිණිල්ලකට අනුව හමුදාවේ 16 දෙනෙකුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අනතුරුව පැවැති නඩු විභාගවලින් පසු 1998දී යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් සැකකරුවන් 16 දෙනාට ඇප ලබාදුන් අතර, නඩුව විභාගයකින් තොරව කල් තැබුණි. අදාල නඩුව විභාග කරන ලෙස නීතිපතිවරයා විසින් පසුගිය 2016 වසරේදී යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අනුව අදාල නඩුව යළි විභාගයට ගත් අතර, එහිදී චෝදනා ලැබූ හමුදා සෙබළුන් 16 දෙනා අතරින් දෙදෙනෙකු යුද්දයේදී මිය ගොස් තිබේ. සෙසු සෙබළුන් 14 දෙනා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්‍ධනාගාර ගත කර තිබේ.

අනතුරුව නීතිපතිවරයාගේ උපදෙස් මත සෙබළුන් නව දෙනෙකු නඩුවලින් නිදහස් කරන ලද අතර, ඉතුරු සෙබළුන් පස් දෙනාට පසුගිය වසරේදී ඇප ලබාදී තිබුණි. අදාල නඩුව අද දින යාපනයේ මහේස්ත්‍රාත් සි. සදීස්වරන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ, මෙම නඩුව පවත්වාගෙන යෑම සඳහා නීතිපතිවරයා විසින් පත්කළ දිස්ත්‍රික්ක රාජ්‍ය නීතීඥවරයා ස්ථාන මාරුවක් ලැබි නැගෙනහිර පළාතට සේවයට ගොස් ඇති යෙහින් වෙනත් නීතීඥවරයෙකුව කඩිනමින් පත්කරන බවට නීතිපති දෙපාර්තුමෙන්තුව විසින් දැනුම් දෙන ලදි.

එමෙන් අදාල නඩුව වෙනත් දිනකට කල් තබන ලෙස අච්චුවේලි පොලිසිය කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන අප්‍රේල් මස 12වනදාට කල් තැබුවේය.