SRILANKAN NEWS

මැතිවරණ නිරීක්‍ෂණ කටයුතු සඳහා 7000ක් – පැෆරල්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතු සදහා 7,000කට ආසන්න පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ ද කියා සිටියේය.

“අපි 7,000කට ආසන්න පිරිසක් සමස්තය හැටියට මේ මැතිවරණය ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්න කටයුතු පිරිස් මේ වෙනකොට යොදලා තිබෙනවා. නාම යෝජනා භාර දිම ආරම්භ වෙච්ච දවසේ ඉඳලා මේ නිරික්ෂණ කටයුත්ත අපි ආරම්භ කළා. මේ වෙනකොට අපිට සිද්ධින් වශයෙන් ගත්තොත් සිද්ධින් 43ක් අපිට පැමිණිලි හැටියට ලැබිලා තිබෙනවා. මේ පැමිණිලි අතර ප්‍රචණ්ඩකාරී සිද්ධීන් 37ක් වාර්තා වෙලා තිබෙනවා. එයින් 33ක් තහවුරු වෙච්ච සිද්ධින්. ඒ වගේම රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපල අවභාවිතය හැම මැතිවරණයෙකම ප්‍රබල සාධකයක්.. මෙවරත් අපිට පැමිණිලි 29ක් ලැබිලා තිබෙනවා. ඉන් 23ක් තහවුරු වෙච්ච සිද්ධින් හැටියට වාර්තා වෙන්නේ.

ප්‍රධානම සිද්ධිය අපිට තිබෙන්නේ. දේශපාලන අරමුණූ ඇතුව සංග්‍රහා කිරීම, ඒ වගේම නීති විරෝධි ප්‍රචාරණ කටයුතු. වැඩිම සංඛ්‍යාවක් අපිට පැමිණිලි වාර්තා වෙන්නේ මේ කාරණා දෙක උඩ. හැබැයි අපි අගය කරන්නට කැමති මැතිවරණ කොමිෂන් සභාවත්, පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිස් නිලධාරීනුත් ඔවුන් යම් ආකාරයකට මේ මැතිවරණයේ දී මැතිවරණ නීතිය ක්‍රියාත්මක කරන්නට ඉතා සාධනීය උත්සහයක් අරගෙන තිබෙනවා. අපිට වෙනදා දකින පෝස්ටර් කටවුට් නගරය පුරා මෙවර දකින්නට නෑ. පැමිණිලි අපිට වැඩිපුරම ලැබිලා තියෙන්නේ බස්නාහිර පළාතෙන්. බස්නාහිර සිද්ධින් 74ක් වාර්තා වෙනවා. දකුණු පළාතේ සිද්ධීන් 42ක්, මධ්‍යම පළාතේ සිද්ධීන් 47ක්, ඌවේ 15ක්, සබරගමුව 23යි, උතුරු පළාතේ 20යි, උතුරුමැද 32යි, නැගෙනහිර 13ක් සහ වයඹ 18ක් හැටියට.”