SRILANKAN NEWS VIDEO

යුද්දයෙන් පසු උතුර, නැගෙනහිර පළාත්වල බුදු දහමේ ව්‍යාප්තය – (Video)

යුද්දය අවසන් වූ පසු උතුර නැගෙනහිර පළාත්වල බුදු දහම ව්‍යාප්ත කිරීමේ අරමුණින් පාලන රජයන් දැඩිව ක්‍රියාත්මක වන බවට CPPHR නැමැති මානව හිමිකම් සංවිධානයෙහි වාර්තාමය වීඩියෝ පටය පෙන්වාදී තිබේ.

යුද්දය අවසන් වූ පසු උතුර නැගෙනහිර පළාත්වල බුදු දහම ව්‍යාප්ත කිරීමේ අරමුණින් පාලන රජයන් දැඩිව ක්‍රියාත්මක වේ. මෙවැනි තත්වයකදී එය ජාත්‍යන්තරයට පෙන්වාදීමේ වාර්තාමය වීඩියෝ පටයක් එළිදක්වා ඇත.

බෞද්ධ ආධිපත්‍යය Buddhist domination නමින් ත්‍රිකුණාමලය සිට ක්‍රියාත්මක වන CPPHR නැමැති මානව හිමිකම් සංවිධානය විසින් මෙම වාර්තාමය වීඩියෝ පටය නිකුත් කර තිබේ. දෙමළ සහ ඉංග්‍රීසි බසින් නිකුත් කර ඇති එම වීඩියෝ පටයෙහි උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්, ඉතිහාසය පිළිබඳ මහාචාර්ය සත්‍යසීලන්, මඩකළපු දිස්ත්‍රික්ක රදගුරු පොන්නයියා පියතුමන්, බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් ආගමික නායකයන් ඇතුළු බොහෝ පිරිසක් සිය අදහස් ප්‍රකාශ කර තිබේ.

යුද්දයෙන් පසු කාලයේ දී බුදු දහම නමින්, හමුදාව විසින් දෙමළ ජනතා ඉඩම් කෙසේ ආක්‍රමණය කරන්නේ දැයි මෙම විඩියෝ පටය මගින් පෙන්වාදී තිබේ.

This documentary discusses and calls for mutual dialogue on a current problem that is preventing reconciliation and peace among communities. The history need to be studied in depth. The fact of Tamil Buddhists lived in Sri Lanka need to be accepted and the common heritage of the country should be preserved. The current Buddhist Dominance as it presents now need to fade away.

— — — — — — — — – —