SRILANKAN NEWS

බැදුම්කර කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක්

මහබැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබද සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සහ බරපතළ වංචා, දුෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාවන්හි ඇතුළත් යෝජනා කි‍්‍රයාත්මක කිරීම, නීතිමය තත්ත්වයන් සහ බාහිර කටයුතු පිළිබදව සොයා බැලීම සදහා සාකච්ජාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (17) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

නීතිපති, මහබැංකු අධිපති, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරින් එක්ව සිටි මෙම සාකච්ජාවේදී බැදුම්කර කොමිසන් සභා වාර්තාව මගින් සිදුකරන ලද නිර්දේශ ඉදිරියට කි‍්‍රයාත්මක කිරීම පිළිබද පහත අංශ යටතේ අවධානය යොමු කර තිබේ.

වැඩිදුරටත් විමර්ශන පැවැත්වීම, ඇතැම් තැනැත්තන්ට එරෙහිව නෛතික කි‍්‍රයාමාර්ග ගැනීම, පවතින නීති සංශෝධනය කිරීම සහ අවශ්‍ය පරිදි නව නීති සම්පාදනය මෙන්ම අනාගතයේදී මෙවැනි අක‍්‍රමිකතා, දුෂණ හෝ අපරාධ සිදුවීම වළක්වා ගැනිම සදහා ගතයුතු වෙනත් කි‍්‍රයාමාර්ග වශයෙනි.

ඒ අනුව සිදුකර ඇති අපරාධවලට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම, රජයට සහ සේවක අර්ථ සාධක අරමුදලට සිදුව ඇති අලාභය පියවා ගැනීම පිණිස සහ නිත්‍යානුකූල නොවන කි‍්‍රයාවන්හි යෙදුණු තැනැන්තන්ට එරෙහිව සිවිල් නඩු පවරා වන්දි ලබා ගැනීමට කටයුතු කිරිම මෙන්ම විවිධ රාජ්‍ය ආයතනවල සේවය කරන ලද මෙම අපරාධයට සම්බන්ධ නීත්‍යානුකූල නොවන කි‍්‍රයාවන්හි යෙදුණු පුද්ගලයන්ට එරෙහිව විනය පියවර ගැනීමට ද නිර්දේශ කර තිබේ.