SRILANKAN NEWS

විදුලිබල මණ්ඩල සේවක වැඩ වර්ජනය අවසන්

විදුලි සේවකයින් පිරිසක් ආරම්භ කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ. විදුලි බල මණ්ඩලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කර තිබේ.

නීති විරෝධී වැටුප් වැඩි කිරීමක් නීත්‍යනුකූල කිරීමට දරණ උත්සහයකට විරෝධය පළ කරමින් විදුලිබල මණ්ඩල සේවකයෝ ඊයේ (17) පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කර තිබුණි. එහිදී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට පොලිස් විශේෂ බලකාය යොදා පහරදීමට විරෝධය පළ කරමින් අද දහවල් 12.00 සිට විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක විය.

පැවැති සාකච්ඡාවලින් අනතුරුව වැඩ වර්ජනය පෙබරවාරි 7 වැනිදා තෙක් අත්හිටවීමට තීරණය කළ බවත්, පෙබරවාරි 7 දිනයට පෙර විසඳුමක් ලබාදීමට කටයුතු නොකළහොත් එදිනට කොළඹට රැස්වෙන විදුලි සේවකයින් පසුදා සිට නැවත අඛණ්ඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවද රන්ජන් ජයලාල් මහතා වැඩිදුරටත් පවසා තිබේ.