SRILANKAN NEWS

හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කොම්පඤ්ඤවීථිය සහ මීතොටමුල්ල ප්‍රදේශවලදී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොම්පඤ්ඤවීථිය දුම්රිය ස්ථානය ඉදිරිපිට දී හෙරොයින් ග්‍රෑම් 100ක් ද සමග අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැවැසේ.

මේ අතර, මීතොටමුල්ල ප්‍රදේශයේ දී ද හෙරොයින් ග්‍රෑම් 30යි මිලිග්‍රෑම් 100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.