SPORTS

2018 පාපන්දු ලෝක කුසලානය ජනපතිට පිළිගන්වයි

ලබන ජූනි මාසයේදී රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන 2018 ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ කුසලානය ඊයේ ශී‍්‍ර ලංකාවට රැගෙන එනු ලැබූ අතර, එය අද (24) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විණි.

ලෝක කුසලානය ලොව වටා රැගෙන යාමේ චාරිකාව පසුගිය 22දා ආරම්භ වූ අතර මෙම චාරිකාවේදී ලෝක කුසලානය ලොව පුරා මහද්වීප 6ක් ඔස්සේ රටවල් 52ක මහජන ප්‍රදර්ශනය සඳහා රැගෙන යනු ඇත. එහිදී ප‍්‍රථම ගමනාන්තය ලෙස කුසලානය ශී‍්‍ර ලංකාවට රැගෙන එම විශේෂත්වයක් වන අතර මෙලෙස පාපන්දු ලෝක ශූරතාවයක කුසලානයක් ශ‍්‍රී ලංකාවට රැගෙන ආවේ ඉතිහාසයේ පළමු වරට වීම ද විශේෂත්වයකි.

ශී‍්‍ර ලංකාවට අමතරව මෙම කුසලානය ආසියාව තුළ රැගෙන යාමට නියමිතව ඇත්තේ පකිස්ථානයට සහ මාලදිවයිනට පමණක් බවත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පවසයි.

2018 පාපන්දු ලෝක කුසලානය අද මහජන ප්‍රදර්ශනයට