SRILANKAN NEWS

පාර්ලිමේන්තුව පෙබරවාරි 08 කැඳවනවා – අගමැති

පාර්ලිමේන්තුව පෙබරවාරි අට වැනි දින කැඳවීමේ ලිපිය සඳුදා දින කතානායකවරයා වෙත යවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙණියාය පැවැති ජන හමුවකදී පැවසීය.

එහිදී තවදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

”කොමිෂන් වාර්තා වාද කරනවාද නද්ද කියලා වාදයක් මේ දවස්වල යනවා. පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් මටයි. ඊයේ රාත්‍රියේ කතානායකතුමා මුණගැසුනා. පෙබරවාරි 8 වැනිදා පාර්ලිමේන්තුව කඳවන ලිපිය සඳුදා එවන බව කිව්වා. අපිට පාපිස්ස යට දමන්න දෙයක් නෑ. කට කැපුවත් බලය සඳහා මම බොරු කියන්නේ නෑ. කරලත් නෑ,කරන්නෙත් නෑ. ඕන තරම් වාද කරන්න පාර්ලිමේන්තුව කැඳවලා, කිසිම ප්‍රශ්නයක් නෑ, වාද කරන්න යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.