SRILANKAN NEWS

සහල් ආනයනය අත්හිටුවීමට ජනපතිගෙන් උපදෙස්

සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩල හමුවේදී උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක ප්‍රමාණය ගෙන්වීම ද නතර කෙරෙනු ඇති. අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, මේ වනවිට රජය සතුව සහල් මෙට්‍රික් ටොන් 70,000ක් පවතින බවයි. එහෙත් තවත් සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ඇනවුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

මහකන්නයේ අස්වනු වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කිරීම හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තීරණය ගෙන ඇති බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ.