SRILANKAN NEWS

තිරු කේදීස්වර පාද යාත්‍රාව ආරම්භ වෙයි..

වාර්ෂිකව පැවැත්වෙන සිවරාත්‍රී තිරුත්තලයි පාද යාත්‍රාවේ මෙවර ලෝක සෛව සභාවේ පරිපාලක සිවශ්‍රී කා. සුමූකලිංගම් මහතා සහ පාද යාත්‍රා කණ්ඩායම් නායක වේල්සුවාමි මහතාගේ නායකත්වයෙන් ඊයේ 7 වනදා පෙරවරුවේ සෙල්වසන්නිදි කෝවිලේ සිට ආරම්භවී නල්ලූර් කන්දසාමි කෝවිලට ළඟාවුණි.

අද (8) පෙරවරු 8.30ට පමණ නල්ලූර් කන්දසුවාමි කෝවිලේ සිට සෙම්මනි අරසඩි නාවට්කුලි, තනන්කලප්පු, කේරයිතිව්, පූනගරි, පල්ලවරායන්කට්ටු, මුලන්කාවිල්, වෙල්ලාන්කුලම්, ඉලුප්පයියඩි හරහා පාද යාත්‍රාව ගමන් කර ලබන 13 වනදාට තිරුකේදීස්වරම් කෝවිලට ළඟාවීමට නියමිතය.