WORLD NEWS

ජර්මනියේ නව රජයක් පිහිටුවීම සදහා ඇන්ජලා මර්කල් සමග එකගතාවයකට

ජර්මනියේ නව රජයක් පිහිටුවීම සදහා එරට සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික පක්ෂය චාන්සලර් ඇන්ජලා මර්කල් සමග එකගතාවයකට එළඹ තිබේ.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී මාස හතරකට පමණ පසුව මෙම එකගතාවට එළඹීම විශේෂත්වයකි.

පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති ජර්මානු මහමැතිවරණයේදී ඇන්ජලා මර්කල් ගේ කන්සර්වේටිව් සන්ධානයට හිමි වූයේ ආසන දෙසිය හතලිස් හයක් පමණි.

ආසන හත්සිය නවයකින් යුතු පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීම සඳහා ඔවුන්ට තවත් පක්ෂයක සහය ලබා ගැනීමට සිදු විය. ප්‍රධාන කරුණු 19ක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමත් සමඟ මාස තුනක් තිස්සේ පැවති සාකච්ඡා ඊයේ අවසන් විය.