SRILANKAN NEWS

දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂය සමඟ එක්වී දෙ.ජා.ස. පාඩමක් උගන්වනවා – කරුණා

එළඹෙන නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී තම පක්‍ෂය දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂය සමඟ එක්වී කටයුතු කිරීමට එකඟවී ඇති බව හිටපු නියෝජ්‍ය ඇමැති සහ ද්‍රවිඩ එක්සත් පෙරමුණ නායක කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් මහතා පවසයි. දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂයේ නියෝජ්‍ය නායක එන්. තිරවියම් තමන් සමඟ මේ සම්බන්‍ධයෙන් සාකච්ඡා කළ බව ද හෙතෙම පවසා තිබේ.

මෙමඟින් දෙමළ ජාතික සන්ධානයට පාඩමක් උගන්විය යුතු බවත්, දෙ.ජා.ස. දෙමළ ජනතාවගේ ඡන්ද ලබාගෙන සහෝද ජාතිකයන්ව ශක්තිමත් කිරීමෙහි වැඩි උනන්දුවක් දක්වන බවද පවසා තිබේ. අවසන්වූ පළාත් පාලන මැතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ප්‍රසාදය පළ කරමින් පැවැති උත්සවයකට සහභාගිවෙමින් මේ බව පවසා තිබේ.

තවද මෛත්‍රී, රනිල් යහපාලන ආණ්ඩුව වහාම ඉල්ලා අස්වී ජනමතය පිළිගත යුතු බවත්, තම පක්‍ෂය මඩකළපුව දිස්ත්‍රික්කයේ දී ආසන 7ක් ලබාගෙන ඇති අතර, ඉදිරියේ දී යහපත් දේශපාලන ගමනක් යෑමට තීරණය කර ඇති බව ද කරුණා අම්මාන් වැඩිදුරටත් පවසා තිබේ.