SRILANKAN NEWS

දේශපාලන නායකයන් සියළු දෙනා රට ගැන සිතා එක්ව කටයුතු කළ යුතුයි – අගරදගුරු

දේශපාලන නායකයන් සියළු දෙනා රට ගැන සිතා එක්ව කටයුතු කළ යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් උන්වහන්සේ මේ බව පවසා තිබේ.

“මේ බලය සඳහා අරවුල් ඇති කර ගැනීම් නතර කරලා සියළුම දේශපාලන නායකයෝ එකට එකතුවෙලා මේ රට ගැන හිතලා මේ රටේ ජනතාව ගැන හිතලා මේක විසඳගන්න කටයුතු කරන්න කියලයි අපිට කියන්න තියෙන්නේ… සේරමදෙනා එකතුවෙලා මේ රටට තියෙන ආදරය පළවෙනි තැනට දාලා මේ රට ආරක්ෂා කරගෙන රට දියුණු කරන්නට කටයුතු කරන්න මේ කුලල් කා ගැනීම්වල යෙදෙන්නේ නැතිව.. ජනාධිපතිතුමා සමග එකතුවෙලා මේ ප්‍රශ්නේ විසඳගන්න සියළුම පක්ෂ සාධාරණව කටයුතු කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ…” යැයි උන්වහන්සේ වැඩිදුරටත් පවසා තිබේ.