SRILANKAN NEWS

ආණ්ඩුවට සහාය ලබා දෙන්නේ ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ලබාදීමටය – මාවයි සේනාදිරාජා

ආණ්ඩුවට සහාය ලබා දෙන්නේ ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ලබාදීමට බව තමිලරසු පක්‍ෂයේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

දකුණේ දේශපාලන වෙනසක් සිඳු වුයේ නම් ජාත්‍යන්තරය සමඟ රාජතන්ත්‍රික වශයෙන් ඉදිරි වැඩ කටයුතු සිඳු කරනවා. ඉදිරි වැඩ කටයුතුවල දී අප පක්‍ෂ, සිවිල් සමාජ, සහ ආගමික නායකයන් සමඟ එක්වී පොදු වැඩපිළිවලකට එක්වන්නෙමු. අපි ආණ්ඩුවට පිටතින් සිට සහාය ලබා දෙනවා, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන විට එයට සහාය ලබා දෙමින් රටේ ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ලබා ගැනීමටය. ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකළ යුතුයි, ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ලැබිය යුතුයි යන අරමුණින් අපි ක්‍රියාත්මක වන්නෙමු. එම ඉලක්කය කරා අපි ගමන් කරන්නෙමු යැයි මාවයි සේනාදිරාජා මහතා වැඩිදුරටත් පවසා තිබේ.