SRILANKAN NEWS

උ/පෙළ සිසුන්ට ටැබ් ලබාදීම අත්හිටුවයි..

උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙත පරිඝනක ටැබ් ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමකට අනුව මෙලෙස නවත්වා ඇති බව වාර්තා වෙයි.

එම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 4ක මුදලක් වැය කිරීමට නියමිතව තිබුණත් ජනපතිවරයාගේ අදහස වී ඇත්තේ මෙම අවස්ථාවේදි එවැනි විශාල මුදලක් වැය කිරීම සුදුසු නොවන බවයි. ජනාධිපතිවරයාගේ එම තීරණයට කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කර ඇති බවද වාර්තාවේ.