SRILANKAN NEWS

සංහිඳියා ප්‍රචාරය දෙමළ ජනතාවට පමණක් උපදෙස් දෙන ආකාරයෙන් නොතිබිය යුතුයි – මනෝ ගනේෂන්

ශ්‍රී ලංකා රූපවහානි සංස්ථාව මඟින් ආරම්භ කළ නේත්‍රා සංහිඳියා දෙමළ නාලිකාව, දකුණේ සිට උතුරට පමණක් සංහිඳියා ප්‍රචාරය ගෙන යන එක් පැත්තක මාධ්‍යක් ලෙස නොතිබිය යුතුයි. මෙම සංහිඳියා නාලිකාව භාවිතා කරමින් දකුණේ සිට උතුරට පමණක් සංහිඳියා පුවත් යවන්න එපා. එහි සිටින දෙමළ ජනතාවගේ දුක් වේදනා, අභිලාෂයන් ද සිංහල භාෂාවට පරිවර්ථනය කර සිංහල ජනතාවට පවසන්න, එය රූපවහානි සිංහල නාලිකාවෙන් කාල වේලාවක් වෙන්කර පෙන්වන්න. මෙය රාජ්‍ය මාධ්‍යක්. ලාභ ඉපැයීම පමණක් අරමුණ කෙරෙගෙන ඔබලාට කටයුතු කරන්න බැහැ. එය ගැන මෙම අවස්ථාවට සහභාගිවී සිටින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මගේ මිත්‍ර මංගල සමරවීර මහතා අවධානය යොමු කරනු ඇතැයි විශ්වාස කරනවා යැයි ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව දෙමළ නාලිකාව වන “සංහිදියා නාලිකාවේ“ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වනදා පස්වරුවේ ජාතික රූපවාහිනි පරිශ්‍රෙය්දී පැවැත්වුණි. එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මේ බව පවසා සිටියේය.