SRILANKAN NEWS

අම්පාර මුස්ලිම් ආගමික ස්ථානයක් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලට ප්‍රහාරයක්..

අම්පාර ප්‍රදේශයේ දී අද උදෑසන සිඳුකළ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන් හේතුවෙන් මුස්ලිම් ආගමික ස්ථානයකට, මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන රැසකට හා වාහනවලට ගිනි තබා ඇති බව වාර්තාවේ.

ඊයේ දින රාත්‍රී අම්පාර ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් ආපන ශාලාවකින් ආහාර ලබාගැනීමට ගිය මහ ජාතික තරුණයන් ආපන ශාලා අයිතිකරු සමඟ මතභේදයක් ඇති කර ගැනීමෙන් අනතුරුව මෙම මැර ප්‍රහාරය සිඳුකර තිබේ.

එම ප්‍රදේශයට කඩා පාත්වූ මහ ජාතිකයන් විශාල පිරිසක් අදාල ආපන ශාලාව සහ අවට පිහිටි මුස්ලිම් ආගමික ස්ථානය, මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් වෙළඳසැල්, වාහනවලට ද ගිනි තබා අලාභ හානි සිඳුකර තිබේ. තවද ආගමික ස්ථානයේ රැඳී සිටි පිරිසකට ද මැරයන් විසින් පහරදී තිබේ.

මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව අම්පාර ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබූ අතර, එහි පොලිස් හා විශේෂ කාර්‍ය බළකායේ ආරක්‍ෂාව යොදා ඇති බව පැවැසේ. ඊයේ රාත්‍රියේ හටගත් නොසන්සුන් තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.