SRILANKAN NEWS

තෙල්දෙණිය උණුසුම් – මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. හෙට උදෑසන 6.00 දක්වා එය ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.

තෙල්දෙනිය ප්‍රදේශයේ රිය අනතුරක් සම්බන්ධයෙන් පසුගිය සතියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තුවාල ලැබූ පුද්ගලයෙකු මහනුවර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී පසුගිය 3න් වනදා මරණයට පත්ව තිබුණි. එම සිද්ධිය මුල් කරගෙනයි ගැටුම්කාරී තත්ත්වය හටගෙන එය උත්සන්න වීමෙන් මෙලෙස ඇඳිරි නීතිය පනවා තිබේ.

අදාළ පුද්ගලයා ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැකකරන තරුණයක් 4 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කෙසේ වෙතත් මෙම සිද්ධියට ජාතිවාදී මුහුණුවරක් ලබාදීමට ඇතැම් පිරිස් ගත් උත්සාහයෙන් හේතුවෙන් ප්‍රදේශය තුල ගැටුම්කාරි තත්වයක් උත්සන්නවී තිබෙන අතර, වෙළඳසල් කිහිපයකට පහරදී විනාශ කර ඇති බව වාර්තාවේ.

ප්‍රදේශයේ සාමය ඇති කිරිම සම්බන්ධයෙන් පොලිසිය පියවර ගෙන තිබේ. මේ වන විට තෙල්දෙනිය ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා තිබේ.