SRILANKAN NEWS

මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වය ගැන දෙමළ සිවිල් සමාජ සංවිධානවල ඒකාබද්ධ නිවේදනය

රටේ මුස්ලිම් ජනතාවට එරෙහිව පවතින ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්‍ධයෙන් උතුර නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක වන දෙමළ සිවිල් සමාජ සංවිධාන කිහිපයක ඒකාබද්ධ නිවේදනය.

Kumaravadivel Guruparan, Spokesperson, Tamil Civil Society Forum
කුමාරවඩිවේල් ගුරුබරන්, මාධ්‍ය ප්‍රකාශක, දෙමළ සිවිල් සමාජ සංවිධානය,
06 මාර්තු 2018

මේ සතියේ නුවරදී සහ පසුගිය සතියේ අම්පාරදී මුස්ලිම් ජනතාවට එරෙහිව දිගින් දිගටම සිඳුකරමින් සිටින ප්‍රචණ්ඩත්වය අපි දැඩි ලෙස හෙලාදකින්නෙමු. නුවර සහ අම්පාර දී ලැබුණු මූලික වාර්තාවලට නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට අසමත්වූ පොලීසිය ද මෙයට වගකිව යුතු බව පෙන්වා දෙනු ලැබේ. උතුර නැගෙනහිර ක්‍රියාත්මක වන සිවිල් සමාජ සංවිධාන වන අපි මුස්ලිම් සමාජයට එරෙහි මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්‍ධයෙන් දැඩි ලෙස කණගාටුවට පත්වන්නෙමු.

මෙම රජය පසුගිය පාලන සමයේ දී අලුත්ගම සිඳුවූ මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවන් වැනි සිද්ධීන් මින් ඉදිරියට සිඳු නොවන බවට පොරොන්දුව සමඟ පාලනයට පැමිණියේය. නව ආණ්ඩුව පත්වීමෙන් පසු අලුත්ගම ප්‍රදේශයේ සිඳුවූ සිද්ධීන් ගැන පරීක්‍ෂණ පවත්වා එහි අපරාධකරුවන්ව මෙම රජය නීතියේ ඉදිරියට ගෙන ආයුතුව තිබුණි. නමුත් රජය එය සිඳු කිරීමට අපොහොසත්වී තිබේ. අද නුවර, අම්පාර ප්‍රදේශවල ද මීට පෙර ගාල්ලදී ද මුස්ලිම් ජනතාවට එරෙහිව මිලේඡ ප්‍රචණ්ඩත්වයක් සිඳු කෙරුණේ මේ හේතුවණි. ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත නොවීම වළක්වා ප්‍රචණ්ඩත්වයට හේතුවූ පුද්ගලයන්ව නීතිය ඉදිරියට ගෙන්වීම රජය ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග වේ.

සිංහල සහ දෙමළ සමාජයන් අතර වැඩි වෙන මුස්ලිම් ජනතාව කෙරෙහි වූ වෛරී සහගත තත්වය ගැන ද අපි භීතියට පත්වන්නෙමු. මුස්ලිම් සමාජයට මෙම අර්බුදකාරි තත්වයේදී අපගේ සහෝදරත්වය ප්‍රකාශ කර සිටින අතර, අප සමාජයන් අතරවූ සැකයන් තුරන් කර එකට එක්වී කටයුතු කිරීමට අපගේ කැමැත්ත ද ප්‍රකාශ කර සිටින්නෙමු. මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලට හේතුවන අඛණ්ඩව වගවීමෙන් තොරව සිටීමට එරෙහිව ක්‍රියාත්මකවීමට සහතිවන්නෙමු.

අතසන් තබන සංවිධාන

01- Tamil Civil Society Forum
02- Adayaalam Centre for Policy Research
03- Centre for the Promotion and Protection of Human Rights (Trincomalee) 04- Jaffna University Teachers Association
05- Jaffna University Employees Union
06- Justice and Peace Commission, Diocese of Jaffna
07- SUYAM – Centre for Women’s Empowerment
08- SUYAMPU – Theatre Active Movement