SRILANKAN NEWS

ස්විස්ටර්ලන්ත මහකොමසාරිස්ගේ කිලිනොච්චිය සංචාරය සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන්…

ස්විස්ටර්ලන්ත මහකොමසාරිස්වරයා ඊයේ (13) දින කිලිනොච්චියේ සංචාරයක නිරතවූහ. ඔහු කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට වසරකට අධික කාලයක් අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරතව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව ද හමුවී සාකච්ඡා කළේය. ස්විස්ටර්ලන්ත මහකොමසාරිස්වරයා සමඟ ස්විසර්ලන්ත කොමසාරිස් කාර්‍යාලයේ දේශපාලන අංශ භාර අධ්‍යක්‍ෂකවරයා ද සහභාගිවූහ.