ARTICLES

ලංකාව, ජනතාවගේ ගෞරවය කොල්ලකෑමේ ස්ථානයක් ද?

[යුක්තිය සියල්ලන් සඳහා විය යුතුමය.]

2011 වර්ෂයෙන් පසුව එනම්, වසර 07 කට පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ රජය පසුගිය මාර්තු මස 06 වන දින හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලදී. සිංහල දාමරික කල්ලියක් විසින් පෙරදින මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාවට අයත් කඩසාප්පු, ගොඩනැගිලි හා සිද්ධස්ථාන කිහිපයකට පහර දෙමින් ප්‍රචණ්ඩත්වය හා අසහනය පැතිරවීම මෙම හදිසි නීතිය ප්‍රකාශ කිරීමට ආසන්නත ම හේතුව විය. ගැටුමට මුහුණ දුන් අය සහ ඇසින් දුටු සාක්ෂි මගින් හෙළිවන අන්දමට දිගන ප්‍රදේශයේ සිංහල ජාතිකයන්ට අයත් නොවන ඔවුන් අවට තිඛෙන්නා වූ මුස්ලිම් නිවාස හා කඩ සාප්පු ඉලක්ක කර වාර්ගිකත්වය මුල් කරගනිමින් මෙම ප්‍රහාරය සිදුව ඇත.

එසේම ප්‍රදේශයට පිටතින් පැමිණි ප්‍රධාන ධාරාව තුළින් පැණ නැගුණා වූ අදෘශ්‍යමාන මැර කල්ලියක් විසින් පදිංචිකරුවන්ගේ වාර්ගිකත්වය හා හිමිකාරත්වය මුල්කර ගනිමින් සෘජුව ම ඔවුන්ගේ දේපල වලට ප්‍රචණ්ඩත්වය මුදාහැර ඇත. විනාශ මුඛයට පත් වූ නිවාස හා පැණනැගී ඇති ගැටුම්කාරීත්වය සමනය කිරීම උදෙසා නිරායාසයෙන් ක්‍රියාකාරී වියයුතු සාමය හා නීතිය ආරක‍ෂා කිරීමට කැපවී සිටින බලධාරීන්ගේ අසමත්භාවය හේතුපාදක කොට නැවත ප්‍රචණ්ඩකාරී ගිනිජාලාවක් ඇතිවීමේ භීතියෙන් අදාළ පිරිස් තවමත් දිවි ගෙවන බව පෙනී යයි.

බිහිසුණු බව

පසුගිය 07 වන දින මහනුවර, අකුරණ දී ගොඩනැගිලිවලට ගිනි තැබීමෙන් භීතියට පත් පදිංචිකරුවන් රැකවරණයක් සොයා ගැනීමට ප්‍රයත්න දැරූ බව මා පෞද්ගලිකව සාක‍්ෂි දරමි. මේ බිහිසුණු ක්‍රියාවලියේ දී සිය ගොඩනැගිලි ගින්නට බිලිගන්නා අයුරු බලාසිටි පදිංචිකරුවෙකු අසනු ලැබූුයේ මැරකල්ලියේ ප්‍රහාරය පිළිබඳව පොලීසිය දැනුවත්ව සිටියදීත් එය මෙසේ වන්නේ ඇයි ද යන්නත්, ප්‍රචණ්ඩත්වය උග්‍රවන විට පමණක් ප්‍රතිචාර දක්වන බව පෙනී යන බවත්ය.

මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇතැම් ස්ථානයන්හි ඇතිකරනු ලැබූ මහා විනාශයන් සහ වියවුල් ජාලාවන් බහුතරයක් වූ මහනුවර දිස්ත්‍රික් වැසියන් මෙන්ම අනෙකුත් ශ්‍රී ලාංකිකයෝ ද පිළිකුලෙන් යුතුව හෙළා දකින ලදී. රජය සහ ඇතැම් නිලධාරීන් ඇඳිරි නීතිය සමයෙහි ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ තොරතුරු, ප්‍රහාරයට ලක් වූ ප්‍රදේශයන්හි සිට කොළඹ ඇතුළු අනෙකුත් ප්‍රදේශ කරා සමාජ මාධ්‍ය ජාලාවලින් ප්‍රවෘත්ති ගලායාම අඩාල කර තිබුණි.

මෙම ප්‍රතික්ෂේප කිරීම තොරතුරු වල හිඟභාවය හේතුවෙන් ද, නොසලකා හැරීම, උදාසීනත්වය හෝ වෙනත් යමක් නිසා ද යන්න විමතිය දනවන සුළුය. මේ පිළිබඳව සොයා බැලිය යුතු අතර ප්‍රදේශයේ පදිංචිකරුවන් අතර ඇඳිරි නීතිය කාල සීමාවේදී ප්‍රචණ්ඩත්වය ඉහළයෑම හේතුවෙන් හා ඉන් ඔබ්බෙහි නීතිය හා සාමයේ ආධිපත්‍යය පවත්වා ගැනීමට ආණ්ඩුව සතු හැකියාව හා ආධාරකරුවන් පිළිබඳ වගබලා ගැනීම කළ යුතු අතර සහ එවැනි තත්වයන් නැවත ඇති නොවීමට ද වගබලා ගත යුතුව ඇත.

ද්වාරය

ආසන්නව සිදු වූ මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව කෙරෙහි පවතින ආණ්ඩු ක්‍රමයේ දුර්වල ප්‍රවේශය පුදුමයට කරුණක් විය හැකි නමුත් එය සැබැවින්ම කම්පනයක් යැයි කිව හැකි ද? මහනුවර දී සිදු වූ මෙම සිදුවීම පිළිබඳ කරුණු දැක්වීමක් මහජනතාව හමුවේ තැබීමට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ප්‍රචණ්ඩක්‍රියාව සිදු වී පැය 24 කට වඩා ගතවිය. මෙම ප්‍රදේශයෙහි සංචාරය කරමින් බිම් මට්ටමේ පැවතින තත්ත්වය පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමක් පසුගිය මාර්තු මස 05 වන දින සන්ධ්‍යාවේ සිදු කරන ලදි.

දිගන ප්‍රදේශයේ වින්දිත ජනතාව ප්‍රකාශ කරනු ලැබුයේ දින දෙකක් ගත වී තිබුණ ද වෙනත් කිසිදු අමාත්‍යවරයෙකු හෝ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම ප්‍රදේශයට පැමිණියේ හෝ දුකට පත්වුවන් සමග කතාබහ කිරීමට නොපැමිණි බවය. තත්ත්වය මෙසේ තිබිය දී ජනාධිපතිවරයා හා අනෙක් අය ඉහළ මට්ටමේ හමුවීමක් මහනුවර දී පවත්වන ලදී. එසේම මෙහිදී කැපී පෙනෙන කරුණක් වූයේ අස්ගිරි හා මල්වතු ප්‍රමුඛ මහ නාහිමිවරු ඔවුන්ගේ ද්වාරය අභියස මෙවැනි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් සිදුව තිබියදීත් පුරා පැය 24 ඉක්මවා ගිය තැන ද මුවින් නොබැණ සිටීමය. ශ්‍රී ලංකාව ගැටුම් ගණනාවක් හා දශක ගණනාවක ප්‍රචණ්ඩත්වය අත්විඳ ඇති නමුත් බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව ඇත්තේ කෙටි කාලීන මතකයකි. එසේත් නැතිනම් පහසුවෙන් ම එය නොසළකා හැරීම තෝරාගෙන ඇත. 1983 සංහාරය සිදුවන විට මා ඉතා කුඩා දරුවකු වූ අතර ඒ පිළිබඳ පුළුල් විස්තරාත්මක මතකයක් මා තුළ නැති නමුත් මහ මග සෙවණක් සොයමින් අවතැන්ව බියෙන් දිවි ගෙවූවන් සහ ඔවුන් කිසිදා නොදත් මිතුරන්ට පවා මගේ දෙමාපියන් අපේ නිවහනේ දොර විවර කළ බවට මතකයක් මා සතුව ඇත.

නිලදරුවන්ගේ කාර්යභාරය

මාගේ සොයුරිය සහ අප දන්නා හඳුනනවුන් සහ නන්නාඳුනන පිරිස් වටව සිටි අතර එම මොහොතේ දී ශ්‍රී ලංකාවේ අනාගතයේ ස්වරූපය සහ එහි සිවිල් වැසියන්ගේ ස්වරූපකාය කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් අප සතු නොවීය. 1983 කෝළහාලය එවකට පැවති එක්සත් ජාතික පක‍්ෂ ආණ්ඩුව යටතේ සිදුවුවක් වන අතර එම ආණ්ඩු සමයේ සිටි ඇතැමෙක් වර්තමානයේ පවත්නා ආණ්ඩුව තුළ ද කටයුතු කරමින් සිටී. ඔවුන් හට එම අඳුරු සමය අමතකව ගොස් තිබේ ද?

වත්මන් ප්‍රචණ්ඩක්‍රියා චක්‍රය කිසියම් සුළු ජනකොටසක් ඉලක්ක කරගත් මැර ක්‍රියාවක් වන අතර ඇතැම් අවස්ථාවලදී නීතිය බලාත්මක කිරීමේ බහුවිධ අසමත්භාවයන්ට අනුබලදීමේ සංඥාවන් දක්වන ලදී.

ශ්‍රී ලංකාව වසර ගණනාවක් පුරා අවස්ථාවන් ගණනාවක දී සෑම ජන කොටසකගේම පාහේ වාර්ගික ආතතීන්, කැරළි, කෝලාහළ හා ඝට්ටනයන්ගෙන් බැට කෑමට ලක්ව තිබේ. වර්තමාන ප්‍රචණ්ඩක්‍රියා වළල්ලෙහි දැවීමට මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙමින් සිටින අතර එසේම යුධ සමයේ දරුණු ලෙස පීඩාවට පත්වු මුස්ලිම් ප්‍රජාව 1990 දී එල්ටීටීඊ ය විසින් උතුරු නැගෙනහිරින් සිදු කරන ලද ඉවත් කිරීම් හා ආසන්න පශ්චාත් යුධ සමයේ ප්‍රචණ්ඩත්වයන් අත්විඳි අතර මෙම තත්ත්වය පසුගිය වසර කිහිපය තුළ පුපුරා යනු ලැබුවේ අළුත්ගම හා ගිංතොට යන ස්ථානයන්හි ඇති වූ තත්ත්වයන් හා සමගය.

තවමත් බොහෝ අයවලූන් උදෙසා යුක්තිය බෙලහීන වන අතර මේ සම්බන්ධයෙන් අනුප්‍රාප්තික ආණ්ඩුව විසින් අක්‍රමිකතා ඇතිකරවන වත්මන් සංස්කෘතියට දඬුවම් නොදීමේ ක්‍රියාවලියට දායකවී ඇත. මුස්ලිම් ප්‍රජාව පසෙකින් මෙන්ම වින්දිතයන් බවට පත් වූ අනෙක් ප්‍රජාවේ අය ද සත්‍ය සහ යුක්තිය සෙවීම අඛණ්ඩව කරගෙන යනු ලැබේ. වත්මන් ආණ්ඩුව ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය හා දඬුවම් නොලැබීමේ අතීතයෙන් භග්න විය යුතු අතර 2015 අධිෂ්ඨාන කරන ලද ප්‍රාර්ථනාවන් ඉටු කළ යුතු බවට බලාපොරොත්තුවක් එහි විය. එහිලා මුඛ්‍ය පොරොන්දු ඉටු නොකිරීම, දේශපාලන අධිෂ්ඨානයක් නොමැති කම හා ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය හා වෙනස්කම් වලට ආමන්ත්‍රණය කිරීමේ නොහැකියාව හා වෙනස්කොට සැලකීම දඬුවම් නොලැබීමේ සංස්කෘතිය අවිච්ජින්නව ගෙනයාම පශ්චාත් 1983 ප්‍රචණ්ඩත්වය හා අනෙක් තත්ත්වයන්ට සමාන තත්ත්වයකට දායක වී ඇත.

ආයාචනාවන්

ප්‍රචණ්ඩත්වය පිළිබඳ මෑතකාලීනව සිදු වූ මෙකී ඛේදජනක සිද්ධිය හමුවේ අකාර්යක‍ෂම මෙන්ම, නොසැලකිලිමත්බව සහ හදිසියේ මතු වූ ආවේගකාරීත්වය පිළිබඳ සුළු පිරිසක් මත දෝශාරෝපණයක් එල්ල කළ නොහැකි වුව ද සමස්ත සභාග ආණ්ඩුවේ සාමුහික අසාර්ථකභාවය මෙහිලා විද්‍යමාන වේ. තත්ත්වයෙහි බැරෑරුම් බව වින්දිතයන් බවට පත්වුවන් හමුවීමෙන් ඇමතිවරුන් කිහිප දෙනෙක් යථා තත්ත්වය අවබෝධ කරගනු ලැබුව ද ප්‍රචණ්ඩක්‍රියා පැතිරෙන තුරු ඒ සඳහා ආරක‍ෂණයක් ඔවුන්ගෙන් ලැබුණු බවක් දක්නට නොවීය. සමාජ මාධ්‍ය ජාලාවන් වෙත ප්‍රකාශ ඉදිරිපත් කරනු ලැබුවේ කිහිපදෙනෙකු නමුත් මෙම බහුවාර්ගිකත්වය හා බහු ආගමික රටේ සියලූම පුරවැසියන්ට සමාන ලෙස සැලකිය යුතු බවට නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට සපථකරන ලද දේශපාලනඥයන් හා නිලධාරීන්ගෙන් මීට වඩා වැඩි යමක් ලැබේයැයි අපේක‍ෂා කළ යුතුය.

තෝරාගත් සුළු පිරිසකට පමණක් නොව සෑම පුරවැසියකුටම සුරක‍ෂිතව සිටීමට සහ සියලූම පුරවැසියයන්ට ආරක‍්ෂාවක් සැපයීම සඳහා ඔවුන්ගේ බලාධිකාරය තුළ සෑම දෙයක් ම සිදුකළ යුතු වන්නේ ය. මෙම සතිය ඔවුන් අසාර්ථකත්වයට පත්වු සතියක් වන අතර මෙම අසාර්ථකභාවය පරිපාලනයේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කිරීම සඳහා අපව පොළඹවනු ලැබීය. පුරවැසියන් ලෙස අප අපගේ කාර්යභාරය හා වගකීම පිළිබඳ අප විසින් ම විභාග කළ යුතු හෝ මෙවැනි තත්ත්වයන් සහ එහි වර්ධනයන් අවම කිරීම දෙසට කටයුතු කළ යුතුය.

ඉවසීම, බහුජන අදහස්, නීතියේ ආධිපත්‍ය හා සිවිල් අයිතිවාසිකම් දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති ජනතාවගේ ගෞරවය කොල්ලකෑමේ ස්ථානයක් බවට ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් ප්‍රමාණත්මකව සාක‍්ෂි දරයි. සියලූම පුරවැසියන් ඔවුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කළ යුතු සහ ආරක‍්ෂා කළ යුතුවේ. යුක්තිය සියල්ලන් සඳහා විය යුතුය. මීට වඩා අවම දෙයක් අප බලාපොරොත්තු නොවෙමු.

භවානි ෆොන්සේකා | Bhavani Fonseka

(ඇය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවක් වන අතර අයිසන් අවර් අධිශිෂ්‍යත්ව ලාභිණියකි)
by – www.vikalpa.org