SRILANKAN NEWS

අල්ලස් නොදුන් පුද්ගලයාගේ යතුරු පැදිය උදුරාගෙන ගිය පොලීසිය..

නිසි ගමන් බලපත්‍රයක් නොමැති බව පවසා අල්ලස් ඉල්ලා සිටි පොලිස් නිලධාරීන්ට අල්ලස් මුදල් ලබාදීම ප්‍රතික්‍ෂේප කළ පුද්ගලයෙකුගේ යතුරු පැදිය පොලීසිය විසින් උදුරාගෙන ගිය සිද්ධියක් යාපනයදී අද (17) දින සිඳුව තිබේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ, තම දරුවාට බෙහෙත් ගැනීම සඳහා බිරිඳ සමඟ යතුරු පැදියේ ගමන් කරමින් සිටියදී යාපනය මුට්ටාස් හංඳියේ දී රථ වාහන පොලීසිය විසින් ඔහුව නවතා වාහන බදු පත්‍රය ඇතුළු ලියකියවිලි ඉල්ලා සෝදිසි කර තිබේ. අනතුරුව රියදුරු බල පත්‍රය ඉල්ලා සිටියදී පොලීසිය විසින් ලබා දෙන දඞ කොලය ලබාදී තිබේ.

එය සෝදිසි කළ පොලීසිය එම බල පත්‍රයේ කාලය අවසන්වී ඇති බව පවසා තිබේ. එයට එම පුද්ගලයා ඔව් අදාළ දිනයට පෙර රියඳුරු බල පත්‍රය ලබා නොගැනීම හේතුවෙන් දැනට අධිකරණයේ නඩුවක් පවතින බවත් එහි විභාගය ලබන 24 වනදා බවද පවසා තිබේ.

එය පිළිගැනීමට ප්‍රතික්‍ෂේප කළ පොලීසිය එම බලපත්‍රය අවලංගු වී ඇති බවත්, එය භාවිතා කර වාහනයක් ධාවනය කිරීමට නොහැකි බවත්, අල්ලස් මුදලක් ලබා දුන්නේ නම් නිදහස් කරන බවද පවසා තිබේ. එයට එම පුද්ගලයා දැනට තමන් ළඟ තිබෙන්නේ දරුවාගේ බෙහෙත්වලට ප්‍රමාණවත් මුදලක් බවත්, තමන් අල්ලස් ලබාදිය යුත්තේ කුමකට දැයි පොලීසිය සමඟ වාද කර තිබේ.

අනතුරුව එම ස්ථානයට ප්‍රදේශවාසීන් එක්රැස්වීමෙන් පොලීසිය ඔහුගේ යතුරු පැදිය උදුරාගෙන යෑමට උත්සහ කර තිබේ. එයට එම පුද්ගලයා ඉඩ නොදීමෙන් අනතුරුව එම ස්ථානයට යාපනය පොලීසියෙන් අතිරේක නිලධාරින්ව කැඳවා ඔහුගේ යතුරු පැදිය රැගෙන ගොස් තිබේ.

පොලීසියේ මෙම අශිෂ්ට ක්‍රියාව ගැන එහි රැස්ව සිටි ප්‍රදේශවාසීන්ගේ දැඩි විවේචනයට ලක්වීම විශේෂත්වයකි.