WORLD NEWS

රුසියාවේ ජනාධිපතිවරණය සඳහා වූ ඡන්ද විමසීම අද

රුසියා ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (18) දින පැවැත්වේ. ව්ලැඩ්මියර් පුටිං මහතා ද මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන අතර, ඔහු මෙවර තරඟ කරන්නේ සිව්වන වරටය. පසුගිය 2000 වසරේදී පළමු වරට ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ පුටිං මහතාට මෙවර සියයට 69ක ජනතාවක් ඡන්දය ලබා දෙනු ඇති බව නිරීක්‍ෂකයන් පවසයි.

මෙවර ජනාධිපතිවරණයට පුටිං මහතා ඇතුළු අට දෙනෙකු තරඟ කිරිම විශේෂත්වයකි.