SRILANKAN NEWS

ජනාධිපතිතුමා අපිව අවමානයට පත්කළා – ශක්තිවේල් පියතුමා!

අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවන බවට කැඳවා ජනාධිපතිතුමා අපිව රැවටීමට ලක්කළ බවට එම්. ශක්තිවේල් පියතුමා පවසයි. අද දින යාපනයේ සංචාරයක නිරතවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් විරෝධතාවක් පවත්වා තිබුණි.

එහිදී පොලීසිය විසින් විරෝධතාකරුවන් තිදෙනෙකුට ජනාධිපතිව හමුවීමට අවස්ථාවක් ලබා දෙන බව පවසා ශක්තිවේල් පියතුමන්ගේ නායකත්වයෙන් තිදෙනෙකුව කැඳවාගෙන ගොස් තිබුණි.

මේ සම්බන්‍ධයෙන් ශක්තිවේල් පියතුමන් පවසා සිටියේ..

“ජනාධිපතිව හමුවීමට අවස්ථාව ලබා දෙන බව පවසා පොලීසිය විසින් අප අතර තිදෙනෙකුව කැඳවාගෙන ගියා. ජනාධිපතිව හමුවීමට අපි පැමිණ සිටින බව පොලීසිය විසින් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දුන්නා. කෙසේ නමුත් උත්සවය අවසන් වන තෙක් ජනාධිපතිවරයා අපිව හමුවුයේ නැහැ.

මෙහි අපි අතුරුදන්වූවන් සම්බන්‍ධයෙන් උද්ඝෝෂණයක නිරතව සිටිනවා. ජිම්රාන් පියතුමා, ප්‍රාන්සිස් පියතුමා මෙම පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළා. නමුත් මෙම උත්සවයට සහභාගිවූ මහ ඇමැතිවරයා, විපක්‍ෂ නායකය හෝ විදුහලේ පරිපාලනය ද ජනාධිපතිවරයා ඉදිරියේ මේ සම්බන්‍ධයෙන් කිසිවක් කතා කළේ නැහැ. ජනාධිපතිවරයාගෙන් අතුරුදන්වූවන් කොහෙදැයි දේශපාලන නායකයන් හෝ විදුහලේ පරිපාලන සභාව ප්‍රශ්ණ කර තිබිය යුතුයි. නමුත් කිසිවකු එය ගැන කතා කළේ නැහැ.

ජනාධිපතිතුමා අපිව හමුවෙනු ඇතැයි මෙම උත්සවය අවසන් වන තෙක් අපි බලා සිටියා නමුත් ඔහු අපිව හමුවුයේ නැහැ. උත්සවය අවසන්වී යන අවස්ථාවේ එළියේ විරෝධතාවක් පැවැත්වෙන බවට පවසා තිබුණා.

ජනාධිපතිතුමාගේ මෙම ක්‍රියාව අපිව අවමානයට ලක්කිරීමක් ලෙස සිතනවා. අපි තිදෙනාව කැඳවා අවමන් කළැයි සිතුවේ නැහැ, මුළුමහත් දෙමළ ජනතාවම අවමන් කළ බවට අපි සිතනවා“ යැයි වැඩිදුරටත් පවසා සිටියේය.