SRILANKAN NEWS

පාලිත තෙවරප්පෙරුම ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි – විශ්වාස භංගයේදී අගමැතිට සහාය

බුලත්සිංහල එජාප සංවිධායක ධුරයෙන් ඉවත් වුවද ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාස භංගය පරාජය කිරීම. සඳහා අගමැති සමඟ හිටගන්නා බව සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.

කුමන කලකිරීම් තිබුනද පක්ෂය අත නොහැර පක්ෂය රැකගැනීම සඳහා හැකි පමණින් දායකත්වය ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

නියෝජ‍්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම එක්සත් ජාතික පක්ෂයේ බුලත්සිංහල ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා ඊයේ(21) ඉවත් විය.

ඊට අදාළ ලිපිය අගමැතිවරයාට බාරදී තිබුණි.