SRILANKAN NEWS

පසුගියදා මහනුවරදී සිඳුවු නොසන්සුන්කාරී තත්වය නිසා රටට විශාල ආදායමක් අහිමි වුණා – ජෝන් අමරතුංග

මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රටට විශාල ආදායමක් අහිමි වූ බව. සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

විදේශීය රටවල්වලට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැරැදි අවබෝධයක් ඇති කිරීමට එම සිද්ධිය හේතු වූ බව වත්තල ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

‍මේ අතර ගම්පහ නගරය ආශ්‍රිත කුඹුරු අක්කර 48ක් සංවර්ධනය කර ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයට පත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම ව්‍යාපෘතියට විරෝධය දක්වන පිරිස් ඒ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවයි.