SRILANKAN NEWS

ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් අහෝසි කර ඇති බවට වාර්තා වනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ(27) පැවැති කැබිනට් රැස්වීමේදී ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

ආර්ථික කළමනාකරණ කමිටුව පසුගිය කාලයේ රටට ඵලදායි කිසිවක් නොවූ බව පවසමින් ජනාධිපතිවරයා එම කමිටුව අහෝසි කිරීමසට කැබිනට් පත්‍රිකා දෙකක් මීට පෙර ඉදිරිපත් කර තිබුණි.

ජනාධිපති කාර්යාලයේ ඊයේ(27) පැවැති කැබිනට් රැස්වීමේදී ආර්ථික කළමනාකරණ කමිටුව පවත්වාගෙන යාම අවශ්‍ය බවට ඇමැති මලික් සමරවික්‍රම මහතා සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් සඳහන් කර ඇතැයි වාර්තා වේ. මෙය තවදුරටත් ඇද ඇද සිටීමේ තේරුමන් නැති බවත්, ආර්ථිකය සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කර ගත හැකි බවත් ජනාධිපතිවරයා පවසා ඇති බවද වාර්තාවේ.