SRILANKAN NEWS

විශ්වාසභංගයේදී අගමැතිට සහාය ලබාදීමට දෙමළ දේශපාලකයන් කිහිප දෙනෙකු තීරණය කරයි..

විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට දෙමළ දේශපාලඥයින් 06 දෙනෙකු තීරණය කර ඇති බව වාර්තාවේ.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 06 දෙනෙකු මෙම තිරණයට එළඹ ඇති බව වාර්තාවේ. අමාත්‍ය පී දිගම්බරන්ගේ ජාතික කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන්ගේ කඳුරට ජනතා පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා අමාත්‍ය මනෝ ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංවිධානයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු ඒ අතරට අයත්ය.

මේ අතර විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමෙන් අනතුරුව තමන් අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බවට අමාත්‍ය පී දිගම්බරන් සිය සමීපතමයින් සමග පවසා ඇති බව ද වාර්තාවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අමාත්‍යවරුන් විසින් ඔහුට විවිධ චෝදනා එල්ල කිරීම මෙයට හේතුව බව පැවැසේ.