ARTICLES SRILANKAN NEWS

ජාතික ප්‍රශ්ණයට විසඳුම, අවහිර වීමේ තත්වයක් පවතිනවා..!

(උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා වෙත ඉදිරිපත් කරන මේ සතියේ ප්‍රශ්ණය)

ප්‍රශ්ණය – අග්‍රාමාත්‍යවරාය පිළිබඳ විශ්වාසභංග යෝජනාව ලබන 4 වනදා පාර්ලිමෙන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. දෙමළ ජාතික සන්ධානයේ කටයුතු කෙසේ තිබිය යුතු දැයි ඔබ අපේක්‍ෂා කරන්නේ?

පිළිතුර – මෙවැනි අවස්ථාවක් පැමිණෙන විට අපි විනිවිද භාවයෙන් යුතුව කටයුතු කළ යුතුයි. සෑම පක්‍ෂයක් ගැනම මම අවධානය කර තිබෙනවා. එහි නායකයන් මෙවැනි කටයුත්තකදී ක්‍රියා කරන්නේ පුද්ගලික මතයකින්. ජනතාවගේ මත විමසන්නේ නැහැ. රනිල්ට එරෙහි එ.ජා.ප. මන්ත්‍රීවරුන් දැන් නැවැත ඔහු සමඟ එක්වීමට එකඟවී තිබෙන්නේ නම් එහි අර්ථය ඔවුන් සියළු දෙනාම යම්කිසි වරප්‍රසාදවලට එකඟවී තිබීමයි! මෙම ලබාදීම් පුද්ගලික යහපතක් සඳහා ද නැතිනම් ජනතාව වෙනුවෙන් වූ ඉල්ලීම්වලට අදාල ලබාදීම් දැයි විනිවිද භාවයක් නැහැ.

මෙවැනි අවස්ථාවන් පැමිණෙන්නේ කලාතුරකින්ය. එය අතපසු නොකළ යුතුයි. කුමක් නිසාද, ඔනෑම සිංහල පක්‍ෂයක් දෙමළ ජනතාවට ඔවුන්ගේ සාධාරණීය අයිතිවාසිකමක් ලබාදීමට පසුබසිනවා. සිංහල නායකයන් තම ජනතාව අතර දෙමළ ජනතාව සම්බන්‍ධයෙන් ගෙන ගිය වැරදි, සාවද්‍ය, පරස්පර අදහස් දැන් එම ජනතාව අාක්‍රමණය කර තිබෙනවා. ජාතික වශයෙන් වැරදි කරලා දැන් එය නිවැරදි කිරීමට උත්සහ කළේ නම් සිංහල ජනතාව තම නායකයන්ගේ හිස ද කපා දමනු ඇතැයි බියක් එම නායකයන්ට තිබෙනවා. එම බය නිසා තමයි දෙමළ ජනතාවට ‘දෙනවා දෙනවා‘ කියා සිංහල නායකයන් එය නොදී සිටින්නේ. ඇතැම් අවස්ථාවල ඇතැම් සිංහල නායකයන්ගේ අතුලාන්තය වන්නේ දෙමළ ජනතාව නැගී නොසිටිය යුතුයි යන චේතනාවය. එම නිසා තමයි විවිද ගැටළු පෙන්වා දෙමින් අපට කිසිඳු යහපතක් නොදී සිංහල නායකයන් රවට්ටන්නේ. සිංහල පදිංචි කිරීම් නවතා දමා නැහැ, පළාතේ අවතැන්වූවන්ට විසිඳුමක් ලබාදී නැහැ, දේශපාලන සිරකරුවන් නිදහස් කර නැහැ, ත්‍රස්ත මර්ධන පනත අවලංගු කර නැහැ, හමුදා සෙබළුන්ගේ සංඛ්‍යාව අඩු කර නැහැ, මෙලෙස නොදිය යුතුයි යන මතයෙන් නිදහස්වී දෙමළ ජනතාවට උදව් කිරීමට ඉදිරිපත්වන්නේ නම් ඔවුන්ගේ දේශපාලන ජීවිතයට බලපෑමක් ඇතිවීමේ අවස්ථාවන් පැමිණිය යුතුයි. දේශපාලකයන්ට ප්‍රතිපත්තිවලට වඩා ආත්මාර්තකාමී භාවය වැදගත්ය. අපගේ නායකයන්ටත් මෙතෙක් කාලයක් ආත්මාර්තකාමී භාවය තමයි වැදගත්ව තිබුණි.

ආත්මාර්තකාමීත්වයට බාධාවක් යැයි දැනුන විට සිංහල ජනතාවගේ සිත තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට දේශපාලකයන් ඉදිරිපත් වෙයි. දැන් එවැනි තත්වයක් ඇතිවී තිබෙනවා. පසුගිය 2015 මැතිවරණයට සති කිහිපයකට පෙර ද මහින්ද සමඟ එක්වී සිටි සුළුතර නායකයෙන් හදිසියෙන්ම රනිල් සමඟ ගිවිසුමක් ඇති කරගත්තා. ‘මම ඔබට සහාය ලබා දෙනවා, මම මෙම අමාත්‍යංශය ලබාදිය යුතුයි‘ කියා. ඉන්පසු ඔහුට ඔහු ඉල්ලා සිටි අදාල අමාත්‍ය ධූරය ලැබුණා. ඔහුට දෙන්න එපා කියලා අපි රනිල්ට පැවැසූ විට සිඳුවූ දේ රනිල් අපිට කිව්වා. තමන් පොරොන්දු වූ බව ඔහු අප වෙත පවසා සිටියා. එමෙන් මහ ජාතික දේශපාලන නායකයන්ට ඇති වන බලපෑම් තමයි වර්තමාණ දේශපාලන පිටියේ සුළු ජාතිකයන්ට ලැබෙන වරප්‍රසාදය. එය නිසිලෙස භාවිතා කර ගැනීමට ඉදිරිපත් විය යුතුයි.

නමුත් තනි පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු මෙම ගිවිසුම් දෙමළ ජනතාව පාර්ශවයෙන් සිඳු නොකළ යුතුයි. එලෙස ඔවුන් කරන්නට කලින් දෙමළ ජනතාවගේ අදහස් විමසා බැලිය යුතුයි. අපි ගන්නා තීරණවලට සුදුසු හේතු කාරණා ප්‍රසිද්ධව පැවැසීමට අපට ශක්තියක් තිබිය යුතුයි. දෙතුන් දෙනෙකු තමන් අතර සාකච්ඡා කර කටයුතු නොකළ යුතුයි. කව්රු වෙනුවෙන් අපි කටයුතු කළත් ලිඛිත ගිවිසුමක් තිබිය යුතුයි. අපගේ සහාය ලබාදිය යුත්තේ ඉන් අනතුරුවයි. රනිල්ගේ විශ්වාසභංගය කොයි පැත්තට යන්නේ ද කියලා යම්තාක් දුරට සියළු දෙනාම දන්නවා. එම නිසා තමයි එම යෝජනාවට මහින්ද අත්සන් නොතැබුවේ. ඔහුට පරාදවීමට කැමැති නැහැ නමුත් අපි ලැබුණු අවස්ථාව අතපසු නොකළ යුතුයි.

දෙමළ ජනතාව දැනට සුළු සුළු අවශ්‍යතා රැසක් බලාපොරොත්තුවෙන් සිටිනවා. එ් ටිකවත් ලබාදීමට මෙය හොඳ අවස්ථාවක්. ඊයේ දින ගරු මංගල සමරවීර මහතාව හමුවූ අවස්ථාවේ, දෙමළ ජනතාවගේ සහ ජාතික ප්‍රශ්ණයට විසඳුම අවහිර වීමේ තත්වයක් දැන් පවතින බව පවසා සිටියා. එවිට මම ‘එහෙනම් ඔබ සුළු කටයුතු දෙකක් කරන්න, එයින් අපිට යම්තාක් දුරට ප්‍රබෝධයක් ඇති කරයි‘ යැයි පැවැසුවා. ‘මොකද්ද?‘ කියා විමසා සිටියා. එහිදී මහවැලි අධිකාරිය පනත සහ 1992 දී පවත්වන ලද අංක 58 දරන පනත ඉවත් කරන්නැයි ඉල්ලා සිටියා.

1987 වසරේදී පැමිණි 13වන සංශෝධනයේ බලය බෙදීම නොසලකා හැර මහවැලි අධිකාරියට අත්තනෝමතික ලෙස උතුරු පළාතයෙහි කටයුතු කිරීමට අවස්ථාව හිමිව තිබේ. ‘එල්‘ කලාපය තුල පිට පළාත්වල ජනතාව ගෙනවිත් පදිංචි කළේ එම අධිකාරියයි. තවඳුරටත් පදිංචි කිරීම් ගණනාවකට අඩිතාලම දමමින් තිබෙනවා. රජයට ඉහළින් බලය භාවිතා කිරීමට එම අධිකාරියට හැකියාවක් තිබෙනවා. එමෙන් එම නීතිය ඉවත්විය යුතුයි. ඉන්පසු අවශ්‍ය නම් 13වන සංශෝධනවලට අනුව නව නීති කෙටුම්පත් කරගත හැකි බව පවසා සිටියා.

1992 දී පවත්වන ලද අංක 58 දරන පනත යටතේ දිසාපතිවරුන් දිස්ත්‍රික්ක ලේකම්වරුන් බවට පත්කර පළාත් සභා අධීක්‍ෂණය යටතේ සිට මධ්‍යම රජය යටතට ඔවුන්ව ගෙනවිත් තිබුණි. මේ හේතුවෙන් සෑම පළාතකම සමාන බල මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මකවීමට මෙම පනත ඉඩ ලබාදී තිබෙනවා. එම පනත ඉවත් කළේ නම් යළි 1987දී අපේක්‍ෂා කළ පරිදි 13වන සංශෝධනය නිරාකරණය වනු ඇත. මෙය ස්ථීර දේශපාලන විසඳුමක් නොවේ. තාවකාලිකව දෙමළ ජනතාවට යහපතක් ලබාදීමට රජයට ගත හැකි ක්‍රියාමාර්ගයක් බව පවසා සිටියා.

රනිල්ගේ විශ්වාසභංගය දෙමළ ජනතාවට යම්කිසි යහපතක් ලබාදිය යුතුයි යන්න මගේ බලාපොරොත්තුව. ඒයට අවශ්‍ය වන පරිදි දෙමළ ජාතික සන්ධානයේ කටයුතු සිඳුවිය යුතුයි.

කේ. වී. විග්නේෂ්වරන්
උතුරු පළාත් මහ ඇමැති