SRILANKAN NEWS

ගලේවෙල ප්‍රදේශයේ සිඳුවූ අනතුරකින් එකම පවුලේ 4 දෙනෙකු ජීවිතක්‍ෂයට

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ යටිගල්පොත්ත ප්‍රදේශයේ දී අද (2) උදෑසන සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ 4 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිඳුව ඇති අතර, අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ මව, පියා, දියණිය සහ පුතා ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

විසි හැවිරිදි වියෙහි පසුවූ පුතා ත්‍රීරෝද රථය ධාවනය කර ඇති අතර ඔහුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වේ. ඔවුන්ගේ සිරුරු මේ වනවිට දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.