SRILANKAN NEWS

විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල අද සිට කළුකොඩි

අද (02) සිට සියළුම විෂ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල කළුකොඩි ඔසවා ඒකාබද්ධ විරෝධතාවක් දියත් කරන බව විෂ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධකමිටුව සදහන් කරයි.

සාධාරන ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විෂ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් පෙබරවාරි 28 වැනිදා සිට වැඩවර්ජනයක නිරත වී සිටින බවත් මේ නිසා උගතුන් බුද්ධිමතුන් බිහිකරන ආයතන වැසීගොස් තිබෙන බවත් අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය සඳහන් කරයි.

මේ අතර පෙබරවාරි 28 වැනිදා ඇරඹි වර්ජනයට මෙතෙක් විසදුම් ලබා නොදීමට එරෙහිව විෂ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල කළුකොඩි ඔසවා තබන බව විෂ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

මීට අමතරව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සදහා අද (02) සවස වෘත්තීය සමිති ඒකාබද්ද කමිටුවේ නියෝජිතයන් රැස්වෙන බවද වාර්තා වේ.