SRILANKAN NEWS

ශෝක යෝජනා හතරක් විවාදයට

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව් දෙනෙකු පිළිබඳ ශෝක යෝජනා හතරක් අද (6) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

අභවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. අලවි මවුලානා මහතා, කරුපයියා වේලායුදම් මහතා, සුරනිමල රාජපක්ෂ මහතා, සහ යූ.බී. විජේකෝන් මහතා පිළිබඳව ශෝක යෝජනා විවාදයට ගැනිණි.

හිටපු අමාත්‍යවරයකු, ආණ්ඩුකාරවරයකු වූ අභාවප්‍රාප්ත අලවි මවුලානා මහතා වැඩකරන ජනතාව වෙනුවෙන් විශාල සේවයක් සිදුකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, එතුමා කම්කරු ඇමැති හැටියට උනන්දුවෙන් හැම අවස්ථාවේ දී ම අපට ආධර උපකාර කළා. දේශපාලන වශයෙන් කණ්ඩායම් දෙකකට අයිති වුණාට,ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. ඕනෑම ප්‍රශ්නයක් ගැන පාර්ලිමේන්තුවේ බය නැතිව කතා කළා. වෘත්තීය සමිති නායකයෙක් හැටියට, මන්ත්‍රීවරයෙක්, ඇමැතිවරයෙක් හැටියට ණ්ඩුකාරයෙක් හැටියට අප දැනගත්ත. මුළු ජීවිතයම දේශපාලනයයි. එතුමාගේ කාලය තුළ වැඩකරන ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කළා යැයි පවසා සිටියේය.

හිටපු අමාත්‍යවරයකු, ආණ්ඩුකාරවරයකු වූ අභාවප්‍රාප්ත අලවි මවුලානා මහතා වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඉහළටම ගියා. ලිප්ටන් වටරවුමේ අලවි මවුලානා නැති වර්ජනයක් නෑ. තම කම්කරු පන්තිය වෙනුවෙන් සටන් ව්‍යාපාරයට සම්බන්ධ වුණා. අපට උපදෙස් දෙන්න පුළුවන් පුද්ගලයෙක් බවට එතුමා පත් වුණා. වෘත්තීය සමිති ව්‍යාපාරය වෙනුවෙන් කැප වී කටයුතු කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා තිබේ.